Friday, February 17, 2012

සිමියුලේක්‍රය

මස්තිෂ්කය ඇතුළත
අඳුරුය
කළුවරය
කෑලි කැපෙන තරමට!

හිස් කබොලෙන් වටකුරු වූ
ආලෝක පුංජයක් ඇතුළු නොවන
ඝණාන්ධකාර කුටියකි
මස්තිෂ්ක කුහරය

දෘශ්ටිවිතානය මතට වැටෙන
උඩුකුරුව ඇතුළුව-යටිකුරු වූ ප්‍රතිබිම්බය
රසායන අංශු පේලියක් බවට පත්ව
නික්ම ඇස පිලිකන්නෙන්
ඇතුළු වෙයි අඳුරු මොළ මස වෙත
අඳුරු අහස පලා ඇද වැටෙන
ගිලන් උල්කාෂ්ම වරුසාවක් සේ

අඳුරු මොළ මස තුළ
වර්ණාවලිය හැඳිනෙයි...
අඳුරු මොළ මස මත
වර්ණාලෝක වෙන් වෙයි...

ඇය දුටිමියි සිත තුටුවෙයි!

17/02/2012

Thursday, February 16, 2012

Friday, February 10, 2012

හදවත් ශල්‍යකර්මය

සීතලට අපමණ පෙම් කළ
මගේ වියපත් චර්ම වහන්තරාව
ඇගේ උණුසුම් ඡවි කල්‍යානයෙන්
හිරි වැටී ඇත-නිර්වින්දනය වී ඇත

හැව හැරී නාගයෙකු සේ
මා ඉඳී සයනයේ උඩුකුරුව
ජීවිතය දිස්න දේ
දහදිය දිගේ පපුතුර

නිර්වින්දිත සිරුරු මස තුළ
ඈ අත පොවන්නී ගැඹුරු තැන් වෙත
ධමනි-ශිරා-කපාට හරහා
ඉසියුම්ය ඈ සියුමැලි නිය

හදවත හරහා ඇනී තිබූ
දඩු කටුව ඇද දමා
ඈ හති අරින්නී
මා අසල නිදිවර්ජිතව...

10/02/2012

පසු නූතන ප්‍රවණතා 7-බෞද්ධ ප්‍රඥා මාර්ගික සාහිත්‍යය

Monday, February 6, 2012

සිර ගෙවල්

කලකට පෙර
අපි එකිනෙකාට සිර දඩුවම් පමුණුවා ගත්තෙමු
ජීවිතාන්තය තෙක්
සිර ගෙවල් දෙකක විසුමට

වෙන වෙනම සිපිරි ගෙවල තුළ
සිහින දුටිමු ඇතුන් වළසුන් යහන් වටා කැරකෙන
හොඩින් මුවින් නෙළුම් නොව කඩු තෝමර රැඳුන
ශිශිර නිද්‍රාවෙන් මිදුනෙමු ඒ බියකරු සිහින සමගින

නැවතත් සිර දඩුවම් පමුණුවා ගත්තෙමු
බරපතල වැඩ සහිතව
නමුත් පුරුදු සිර ගෙදරම
වසන්නට දිවි ඇති තෙක්ම...

6/2/2012