Posts

Showing posts with the label සමර විජේසිංහ

"ශ්‍රී සමෘද්ධිමත් ලෙස බත් කෑමක්" -සමර විජේසිංහගේ සද්ධර්ම කතා ගැන

Image
සමර විජේසිංහගේ නවතම කෙටි කතා සංග්‍රහය වන සද්ධර්ම කතා ගැන සටහනකි මේ. ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ සමහර කතන්දර අප විසින් සාහිත්‍ය රසාස්වාදනය පිණිස යොමු වූයේ අසූ ගණන්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විශය නිර්දේශයේ නිර්දිශ්ට ග්‍රන්ථ අතරට ඒවා ද අන්තර්ගතව තිබූ බැවිනි. එලෙස නොවූවා නම් අපි දු දන්නා සද්ධර්මරත්නාවලියක් නොවෙයි. එදා එම කතන්දර කියවා වටහා ගැනුම අතිශය දුෂ්කර වුවද, කෘතහස්ත සාහිත්‍ය ගුරුවරුන් එකල සිටියෙන් එම කටයුත්ත පහසු විය. එබඳු ගුරුපියෙක් මේ අවස්ථාවේ මගේ මනැසට එයි. ඒ මාතර රාහුල විද්‍යාලයේ අපගේ සාමාන්‍ය පෙළ පංතියේ සිංහල ගුරුතුමා වූ කවිරත්න ගුරුපියා ය. එතුමන්ගේ බහුස්‍රැත සාහිත්‍ය පරිචයෙන් බිඳක් අපද ලබන්නට වාසනා වූ බැවින්, අද ද අපි වැන්නෝ සිංහල සාහිත්‍යයේ අබැටක පමණ රසයක් විඳිමු. ඔහුට පිං වේවා! සමර විජේසිංහ අලුත් ආකාරයේ වැඩකට පරණ සද්ධර්මරත්නාවලිය තෝරා ගෙන ඇත. සමර විජේසිංහ ගේ වෑයම අතිශය සාර්ථක යැයි පවසන්නේ එකල අප සද්ධර්මරත්නාවලියේ ගැටපද ලිහාගෙන එහි වූ අනේක රසාලිප්ත වැකි නැවත ගැටගසා ගන්නට දැරූ තැත මත්තෙහි, අප මනසින් ගිලිහී ගිය නොයෙකුත් භාවපූර්ණ චින්තාවන් ගැන මෙනෙහි ව...

විද්‍යාවෙ තර්කය සහ අවිද්‍යාවෙ විතර්කය අතර මංමුලාවක සාහිත්‍යය අතගෑම

Image
ඉතින් දඩුවම විඳල ඉවර නිසා මම තීරණය කළා දඩුවමට අදාළ වරද කරන්න ඔනෑ කියල. චූල ගායිකාව- සමර විජෙසිංහ විද්‍යාවෙ තර්කය සහ අවිද්‍යාවෙ විතර්කය අතර මංමුලාවක සාහිත්‍යය අතගෑම චූල ගායිකාව කතා මංජුසාවකි. එනමින් යුත් කෙටි කතාවද මදක් විවරණය කිරීමෙන් සමර විජෙසිංහගේ කෙටි කතා කලාව වත්මන් ලාංකීය කෙටි කතාව තුල ස්ථානගත කරන්නේ කොතනදැයි විමසීම මෙ ලිපියේ අරමුණයි. එබඳු ස්ථානගත කිරීමක් එය කරනු ලබන්නාගේ සාහිත්‍ය නිර්මාණ අවලෝකන ක්ෂේත‍්‍රයට සාපේක්ෂ කියවීමක් ලෙස අනෙකාට කියවන්නට ලැබෙන බව පැහැදිලිය. එහෙයින් මෙම අදහස් අරභයා විවිධ දෙවැනි පෙළ කියවීම් ඇති වීම ස්වාභාවිකය. කෙසේ වුවද මෙබඳු ඇගයීමක් කිරීම සමර විජේසිංහ කියවන්නන්ට කරනු ලබන රුකුල් දීමක් වනු නොඅනුමානය. මෙම කෙටි කතාවට- චූල ගායිකාවට - අදාල පසුබිම් විස්තර සැකෙවින් සමාලෝචනය කළහොත්, සමරෙ විසින් 2002 වසරෙ රචිත, වඩාත් නිවැරදිව නම් 2002 වසරෙ නොවැම්බර් මස තිස්වන ශනිදා ලියැවුනු මෙ කෙටි කතාව, ප‍්‍රසිද්ධ ඉරිදා පුවත් පතකින් එළි දැක්වූවකි. සමරගේ කෙටි කතාවල වෙනත් අනෙක් කෙටි කතාකරැවකු එතරම් උනන්දු නොවන නිර්මාණෝත්පත්ති කාලවකවානු දැක්වීමක් ද සටහන් වන බැවින් තවත් අමුතු විචාර ධර්මය...

සමරගේ කෙටි කතා පොත්

Image
සමරගේ කෙටි කතා පොත් චූල ගායිකාව ප‍්‍රථම මුද‍්‍රණය 2003 ප‍්‍රකාශනය සංහිඳ මුද‍්‍රණ සහ ප‍්‍රකාශන දු.ක. 2802679 ගෝත‍්‍රිකාව ප‍්‍රථම මුද‍්‍රණය 2004 ප‍්‍රකාශනය කර්තෘ ප‍්‍රකාශනයකි නොසිදුවීම් කීපයක් ප‍්‍රථම මුද‍්‍රණය 2005 ප‍්‍රකාශනය සංහිඳ මුද‍්‍රණ සහ ප‍්‍රකාශන දු.ක. 2802679 - 4924697