සිතක සරදම
නිපාතව ඇද හැළෙන
සුනිල මිණිකැට
මහ පොළොව මත ගලා යන අපූරුව.
වැහි දියෙන් තෙත බරිතව
ගතෙහි ඩා මුසුව ඇළලුණු
හැරමිටියේ වාරුවෙන්
දිවිගෙවන මිනිස් කය
නෙත් හෙළයි හිස් අහසට...
සිගිති ඇතැඟිලි පටලවාගෙන
ළා බිංදු පොද වැස්ස
රතදරින් සිඹ සිඹ
ප්‍රේමයෙන් වෙළී යන අපූරැව
ඔහු සමග ඈ...
දිරා යන කශේරැව සිරස් කොට
නෙත් යොමා හෙමි හෙමීට
කසට වුණු දත් පෙළෙන්
සිනහලයි මහලුකම
ප්‍රේමයෙන් ඔද වැඩුණු තරැණ සමයට...
කේ පී අචලා උත්පලා -පිලියන්දල
රිවිර 28-06-2009
මෙ කවිය මට හමුවුනේ රිවිරෙ අරුණැල්ල කවි පිටුවෙන්.
මෙ කවියේ රූපකාර්තවත් භාෂා භාවිතය පිළිබද ඉස්මතු කිරීමක් කළ යුතුයැයි හැගුණෙනි මෙ සටහන.
නිපාතව ඇද හැලෙන සුනිල මිණි කැට ලෙස වරුසාව රූපකාර්ථවත් කිරීම කොතරම් අපූර්වත්වයක් ජනනය කරන්නේ ද ? මා දන්නා පරිදි මහ සන්නිපාත වරුසා ගැන කොතරම් යෙදුම් ව්‍යවහාරයේ තිබුන ද නිපාතව ඇද හැලෙන වරුසාවක් ගැන කිසිවෙකුත් සදහනක් කර ඇත්දැයි මසිත කුකුස් දේ.
මෙ යෙදුමෙ සාරාර්ථය වැටහෙන්නේ කවියේ අවසානයේදී මනස ඔසොවා තබන්නා වූ චිත්ත රූපයන් සමෝධානවය.
සිය තරුණසමය ඉක්මවා ගිය වැඩිහිටියකු වැස්සේ තෙමෙමින් එනමුදු පේ‍්‍රමයෙන් ඔකදව යන තරුණ මදයෙන් ඔත් යුවලක් කෙරෙහි උපදින හැගුම විචිත‍්‍රව වදන් පෙළකට හික්මවා ගන්නට හැකි වීම මෙ කිවිදියගේ අපූර්වත්වයයි, කවියේ අපූර්වත්වයයි.
දිරා ගිය කෂේරුව සිරස් කර සෙමෙන් නෙත් යොමා තරුණ යුවල වෙත ඈතින් මැකී යන මහලුකම සිනහ සලද්දී පේ‍්‍රමයෙන් ඔද වැඩුනු තරුණ සමයට වැස්සක වුවද සැර පරුෂ බව නිවී යන්නා සේය
කොතරම් මනෝහර කාව්‍යයක් ද මෙය?
1 කුළිය:
Post a Comment