Thursday, August 4, 2011

කුළ මත රැඳි අත

කුළ මත රැඳි අත
ලිස්සයි
ආත්මයේ පතුල වෙත

ඝණ අඳුරු වන පෙත
සිසාරා දෙදරවමින
මරු වැල් විදුලි රේඛා තලා
ලුහු බැඳ ආ මා පසු පස

ශ්‍රී නද දුන්
මාර තෙම
කන් අඩි කොකියවා
ගුගුරුවයි නුබ ගැබ

කාම ගින්නෙන් ඇවිලුනු මා
දිය සෙවෙළ තනපට ඉරා
පාෂාණ පියයුරු විවරයෙන්
මුව තබා තන පුඩුව මත
වැටී දෙදණින් කුළ බඳ
උරමි අවසන් හිස්කම ගිජු ලෙස

මරු නගන ඝෝර සිනහව
ඇසෙන සඳ දෝනාවකින්
සර්පිලාකාර ලෝකාන්තේ
ඇරඹුම් ලක්ෂ්‍ය යෙන්
වෙනස නොදැනෙයි
ශිලා පියයුර බෝර ලූ දැයි
මා සියුම් තොල් පෙති මතින්
එසැණෙන අශ්ලීල ලෙස

නිවි නිවි දිලෙන
හෘද එළිය
කනමැදිරි පරිභ්‍රමණ
මැද්දෙන් පෙනි පෙනි

රාගයේ කෙන්ද
ආත්ම රැහැණින්
කිටි කිටියේ ගැට පුපුරුලන හඩ
මරු හඩ යටකර නැගෙන සඳ

කුළ මත රැඳි අත
ලිස්සයි
ආත්මයේ පතුල වෙත

  
පින්තූරය ගත්තෙ මෙතැනින්.

දුරස්ථකරණය, අල්පෝක්තිවාදය සහ සමෝධානීකරණය- අගෝස්තු 7

Monday, August 1, 2011

ඔබට ඔහු වෙනුවෙන් යමක් කළ හැකිය!



චින්තක කොඩිකාර මිනිස් සංහතියට වැඩක් කරන්නට ඉපදුන මනුස්සයෙකැයි සිතිය හැකි දුර්ලභ චරිතයකැයි මට සිතේ.

ඔහුට අපගේ උපකාරය ඇවැසි වී ඇත. ඒ ස්වභාවයෙන් ලද ශ්‍රව්‍ය ආබාධයෙන් සමුගන්නට ය.

ඔබටත් යමක් ඔහු වෙනුවෙන් කළ හැකිදැයි සොයා බලන්නට කරුණාවෙන් ආරාධනා කරමි.

ඔබට ඔහු වෙනුවෙන් යමක් කළ හැකිය!

චින්තක කොඩිකාර ගැන වැඩි විස්තර කියවා ගන්නට මෙතැනට යන්න.

Thursday, July 28, 2011

පමාදෝ මච්චුනෝ පදං!

ඩුබායිවල
මුහුද ගොඩ කර
ලස්සන දූපත් මතුකර ඇත දිලිසෙන
මේ අරුම කෘත්‍රිම දූපත්
මිළ දී ගන්නට යුරෝපීයෝ ද පොර කත්!
සමහර දූපතක්
ලෝක සිතියමක රටක හැඩය ගත්
අත්කර ගැනුමට රටක් නමටවත්
සමහරු සිය ධනය යොදවත්

"තෙල් රටවල
තෙල් ඇති-මොළ නැති"
කලකට පෙර කවුරුත් කීවේ...
දැන් දැන් ප්‍රඥාවෙන් අණූන
ලෝක වැසියෝ ද
ඩුබායි වෙත ඇදී එති
සල්ලි මළු හිස්කර-නැවත ගෙදර යති
පොටෝ ඇල්බම කිහිලි ගන්නති 
අනෙකාගේ ධනය
තමන්ගේ සාක්කුවට
දමා ගන්නට
කැස කවන ක්‍රම සහ විධි පිරි රටක;
අත්කර ගත නොහැකි
එනමුත් අතපත ගා විඳිය හැකි
සියළු ඉඳුරන් පිනවන
උපකරණ-සූක්ෂමතා-මේලා
රජකරවන රටක;
පරමාදර්ශය
සුසමාදර්ශය
ඩුබායි!

විනෝද වන්නට "සෆාරි" යන්නෙත්
වැලි කතරට-අඳෝමැයි!
නැත
නෙත සනසන දසුනක්
මනස්කාන්ත දිය ඇල්ලක්
පඳුරක්-කූටයක්
බදා ගත හැකි රුක් බඳක්
අතට අහු වන අතීතයක්
කටුගෙට ලෑ සෞභාග්‍යයක්..!

ලෝක උරුමයක් ඇතුළට
ජුරාසික් උද්‍යානයට යන්නා සේ
සංචාරක "සෆාරි" යත හැකි වෙතොත්
කදිම ධන උල්පතකි
සැබෑව!
එබන්දක් තිබුණි නම් එරට
නොවේ මෙතරම් මහන්සියක්
මහ මුහුදු ගොඩ කරන්නට...
අහස උස කුළුණු තනන්නට...

විකුණන්නට හැකි දෙයක්
හිතට ගතට හුවමාරු වන කලට
අරුම පුදුම සැපක් ලෙස
විකිණිය යුතුය එසැණින
කර උඩ තියං-කරමින් සංරක්ෂණ
හිටියට භාණ්ඩාගාරය පිරෙන්නේ නම් නැත!

වරහන් ඇතුළේ!
සමාධි පිලිමයෙන් වුව
ලැබිය හැකි නියම ආදායම‍
තවම අප ලබා නැත!

පරමාදර්ශයටත් එහායින් යමක් ඇති බැව්
අපි ලොවට පෙන්වමු!

ලේඛනයේ ක්ෂණික මෝචනයට පිළියම්!

Saturday, July 23, 2011