Showing posts with label ලක්ෂාන්ත අතුකෝරළ. Show all posts
Showing posts with label ලක්ෂාන්ත අතුකෝරළ. Show all posts

Saturday, January 8, 2011

දූවිලි මිනිසා-සුනන්ද කරුණාරත්න [කවි එකතුව දොර‍ට වැඩීම සහ සාහිත්‍ය සම්භාෂණය]

දූවිලි මිනිසා

කවි එකතුව දොර‍ට වැඩීම සහ සාහිත්‍ය සම්භාෂණය

2011 ජනවාරි 12 වැනි බදාදා ප.ව.  3.00 කොළඹ නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී

දේශකයින් 

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
චින්තක රණසිංහ

සභාව මෙහෙයවීම ගාමිණි කන්දෙපොල
මේ දේශනවලින් අනතුරුව සහෘද සාකච්ඡාවක් ද පැවැත්වේ.
එදිනට පැමිණෙන මෙන් සාහිතකාමී ඔබට ගෞරවයෙන් ඇරයුම් කරමු!

ලංකා ලේඛක සංවිධානය
සුනන්ද කරුණාරත්න
071-4213466


සුනන්දගේ කෘතිය විෂයයෙහි මා දකින සුවිශේෂම කරුණක් ලෙස බෞද්ධ සාහිත්‍යය සහ වෙනත් දාර්ශනික කාව්‍ය ධාරාවන් ඇසුරින් දෝ විශිෂ්ට ලෙස පුහුණු කර ඇති භාවාත්මක ප්‍රකාශන රීතියක් ඇතැම් කවි තුළින් විශද කර තබීම හැඳින්වීමට කැමැත්තෙමි. බෞද්ධ ථෙර ගාථාවල ඌරුව එහිදී වඩාත් ප්‍රකට වන අතර ඔමාර් ඛයියාම් හෝ ඛලීල් ජිබ්රාන්ගේ කාව්‍ය වෘද්ධීන්ගේ ඡායාව පවා ඒවායේ ඇතැයි කෙනෙකුට පෙනී යා හැකිය.

...මේ ශක්‍යතාවයන් නිසා සිංහල කවිය තුළ සුලබව දැකිය නොහැකි ආකාරයේ අපූරු කවි කිහිපයක් ලියා තැබීමට සුනන්ද සමත් වනු සතුටින් නිරීක්ෂණය කිරීමට අපට හැකිවේ.

ලක්ෂාන්ත අතුකෝරළ -"දූවිලි මිනිසා" කෘතියේ හැඳින්වීමෙන්