Posts

Featured Post

AI යුගයේ Humanities: විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න

Image
  විද් ‍ යාවෙන් ලෝකය වෙනස් කළ හැකියි. නමුත් අප වෙනස් කළ යුත්තේ කුමන ලෝකයක්ද? Neil deGrasse Tysonගේ මේ ප් ‍ රකාශය මගේ සිතේ බොහෝ කලක සිට තිබුණු අදහසකට ඉතා සමීපයි. අහම්බෙන් හමු වූ ඒ පණිවිඩය මේ මගේ අදහසත් එකතු කර බෙදා ගන්න හිතුවා. විද් ‍ යාව කියන්නේ දැනුම ලබාගැනීමට අප සතු එකම මාර්ගය නොවෙයි. ඒ වගේම විද් ‍ යාත්මක සොයාගැනීමක් කළ පමණින් එම සොයාගැනීම මනුෂ් ‍ යයාගේ යහපත වෙනුවෙන් භාවිත කළ යුත්තේ කෙසේද යන්නට පිළිතුරක් ලැබෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම, දැනුම යනු භාෂාව ඔස්සේ පමණක් ගොඩනැඟෙන දෙයක්ද, එසේත් නැත්නම් භාෂාවෙන් ස්වාධීනව පවතින දැනුම් ආකාරත් තිබිය හැකිද යන ප් ‍ රශ්නය අද අපට වඩාත් ගැඹුරින් විමසා බැලීමට සිදුවෙමින් තිබෙනවා. AI සහ සංජානන විද් ‍ යාවේ නව වර්ධනයන් සමඟ මේ ප් ‍ රශ්නය තවත් වැදගත් වෙනවා. අද Artificial Intelligence, Quantum Computing, Biotechnology, Neuroscience වැනි ක්ෂේත් ‍ ර ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. අපට කලින් කළ නොහැකි වූ දේවල් කරන්න පුළුවන් වෙමින් තිබෙනවා. නමුත් ඒ හැකියාවන් සමඟ අලුත් ප් ‍ රශ්න රාශියකුත් මතුවෙනවා. උදාහරණයක් ලෙස, මෑතකදී OpenAI විසින් Navier–Stokes සමීකරණ සම්බන්ධයෙන් ඉද...

Navier–Stokes: OpenAI සොයාගත්තේ විසඳුමක්ද, නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද?

Image
 📢 හෙට රාත්‍රී 7.30ට | Dawson Preethi YouTube නාලිකාවෙන් Navier–Stokes: OpenAI සොයාගත්තේ විසඳුමක්ද, නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද? ගණිත ලෝකයේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්නයක්, කෘත්‍රිම බුද්ධිය යොදාගෙන කළ දැවැන්ත පර්යේෂණයක් සහ ඒ වටා මතුවන අලුත් විවාදයක්! OpenAI විසින් AI Agents දහස් ගණනක් යොදාගෙන සිදුකළ Navier–Stokes පර්යේෂණයේ සැබෑ ගණිතමය වැදගත්කම කුමක්ද? ගණිතමය සාධනයක් සහ භෞතික යථාර්ථය අතර වෙනස කුමක්ද? AI එකක් ගණිතය නිර්මාණය කරන විට මිනිස් බුද්ධියට සහ නිර්මාණශීලීත්වයට හිමි තැන කුමක්ද? Newtonගේ දෙවැනි නියමයේ සිට Navier–Stokes සමීකරණ දක්වාත්, එතැනින් Mathematical Unconscious පිළිබඳ දාර්ශනික ප්‍රශ්නය දක්වාත් යන සිංහල සාකච්ඡාවක්. 🎬 හෙට, ඔක්තෝබර් 13, අඟහරුවාදා රාත්‍රී 7.30ට (ශ්‍රී ලංකා වේලාවෙන්). ගණිතය, භෞතික විද්‍යාව, AI සහ දර්ශනය ගැන කුතුහලයක් ඇති ඔබ සැමට ආරාධනා! #NavierStokes #OpenAI #Mathematics #ArtificialIntelligence #DawsonPreethi

නමගිරි දේවිය රාමනුජන්ට ගණිතය කියා දුන්නාද?

Image
නමගිරි දේවිය රාමනුජන්ට ගණිතය කියා දුන්නාද? රාමනුජන්ගේ ගණිතමය ප්‍රතිභාව, ලැකාන්ගේ සංකේත දාමය සහ කෘත්‍රිම බුද්ධියේ ගණිතමය අවිඥානය පිළිබඳ විමසුමක් 1. ගණිතය අපට සිතෙන්නේ කොහෙන්ද? අපි ගණිත ගැටලුවක් විසඳන විට, සාමාන්‍යයෙන් සිතන්නේ එය තර්කයෙන් පියවරෙන් පියවර ගොඩනැඟෙන ක්‍රියාවලියක් ලෙසයි. මුලින් උපකල්පනයක්, ඉන්පසු සමීකරණ කිහිපයක්, අවසානයේ පිළිතුරක්. නමුත් ගණිතයේ ඉතිහාසය කියවද්දී අපට හමුවන්නේ එතරම් සරල කතාවක් නොවේ. සමහර ගණිතඥයන්ට විසඳුම මුලින්ම පෙනී ගොස් තිබේ. එහි සාධනය ඔවුන් සොයාගෙන ඇත්තේ පසුවය. තවත් සමහරුන්ට නින්දෙන් අවදි වූ මොහොතක, ඇවිදිමින් සිටියදී හෝ කිසිදු සවිඥානික උත්සාහයක් නොකරන අවස්ථාවක ගණිතමය සම්බන්ධතාවක් හදිසියේ හඳුනාගැනීමට හැකි වී තිබේ. එවැනි අවස්ථාවක අප අසන්නේ කුමක්ද? ගණිතය සිතන්නේ ගණිතඥයාද? නැත්නම් ගණිතඥයා තුළ ඔහුටත් සම්පූර්ණයෙන් නොපෙනෙන කිසියම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවාද? මේ ප්‍රශ්නය මට වැදගත් වන්නේ ගණිතයේ ඉතිහාසය නිසා පමණක් නොවේ. වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය මගින් ගණිතමය සොයාගැනීම් සිදුකිරීමට උත්සාහ කරන ආකාරයත්, මිනිස් අවිඥානය පිළිබඳ ලැකාන්ගේ අදහසුත්, මේ ප්‍රශ්නය වටා එකිනෙක ...

බුද්ධිය, අවිඥානය සහ AI — අප තවමත් හරිහැටි නොඅසන ප්‍රශ්න මොනවාද?

Image
  බුද්ධිය, අවිඥානය සහ AI — අප තවමත් හරිහැටි නොඅසන ප්‍රශ්න මොනවාද? Neil deGrasse Tyson ගේ සුප්‍රකට StarTalk වැඩසටහනේ, Santa Fe Institute හි David Krakauer සමඟ පැවැත්වෙන මේ අලුත් සංවාදය මගේ විශේෂ අවධානයට ලක්වුණා. බුද්ධිය (Intelligence) කියන්නේ මොකක්ද? භාෂාව බිහිවීමට පෙර මිනිසා සිතුවේ කොහොමද? අප දැනුවත්ව නොසිතන අවස්ථාවලදීත් සංකීර්ණ ගණිතමය ගැටලු විසඳෙන්නේ කොහොමද? සිහින තුළින් විද්‍යාත්මක අදහස් මතුවන්නේ ඇයි? එසේ නම් භාෂාව මූලික කරගත් AI පද්ධතියකට එවැනි හැකියාවක් තිබිය හැකිද? මේ සංවාදයේදී Ramanujan, Kekulé වැනි චරිත පමණක් නොව, මෑතකදී OpenAI සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ Navier–Stokes ගණිතමය ප්‍රතිඵලයත් මතු වෙනවා. මෑතකදී මම Wolfgang Pauli සහ Carl Jung අතර හුවමාරු වූ සිහින හා ඒවායේ ගණිතමය සහ භෞතික විද්‍යාත්මක සංකේත පිළිබඳවත්, AI සහ මිනිස් චින්තනය අතර සම්බන්ධතා පිළිබඳවත් කියවමින් සිටින නිසා මේ සංවාදය මට විශේෂයෙන් රසවත් වුණා. එහෙත් මෙහිදී මගේ අවධානය යොමු වූයේ ඔවුන් ලබාදෙන පිළිතුරුවලට පමණක් නොවෙයි. ඒ පිළිතුරු අතර තවමත් විවෘතව පවතින ප්‍රශ්නවලටයි.  සමහර විට කතා නොකරන දේවල් කතා කරන දේවල් අතර...