සත්‍යවාදියකුගේ දිනපොත-1986 අගෝස්තු 5
1986 අගෝස්තු 5
ජීවිතය එකම සිහිනයක් යැයි සිතේ. මෙබඳු ජරා අදහසක් මීට පෙර මගේ හිතට කා වැදී නැත. භොතිකවාදයට එරෙහි කිසියම් දෙයක් මගේ හිතට කා වැදී නැත. භොතිකවාදයට එරෙහි කිසියම් දෙයක් මගේ හිතට එනවා නම් මම මා ගැනම අනුකම්පා කරමි. භොතිකවාදීනට සිහින ගැන කතාකර වැඩක් නැත. එනමුදු යම් යම් අවස්ථාවල දී මම සිහිනවලට ද ආසාකරමි.
පෙරදින රැයේ ද මම සිහිනයක් දුටුවෙමි. නිර්ධන පංතියේ අපේම සහෝදර සහෝදරියන් සමග අතේ රයිපලයක් ඇතිව මම රජයේ හමුදා සමග සටන් වැදුනෙමි.
'උඹලාත් දුප්පත් අම්මලා තාත්තලාගේ පුත්තු'
හමුදා භටයිනට මම කෑගසා කීවෙමි. මොන තරම් සුන්දර ද! ඔවුහු ආයුධ බිම තබා අප වැළඳ ගත්හ. ඇත්තෙන්ම එය සිහිනයකි. අනේ... ඒ සිහිනය සැබෑ වෙනව නම්!
කවදා හෝ එය සැබෑ කළ යුතුමය.
සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Comments
කිවිදුනි මා දයාබර
ඔබ කැමති ඔනෑම දෙයක් ලියන ලෙස
මෙග් ආත්මය සුදු කඩදාසි පිටුවක් කරමි
ඔබෙ දිනපොතේ
...
...
පාලිත,
මම හිතන්නේ එදා දවසේ සුනිල් අයියා මෙ දිනපොත ලියද්දි ඔහු ගරු කළ මතවාදය වෙනුවෙන් මිනිසුන් ගොඩ නගා ගැනුමට කරන ලද නිර්මාණාත්මක රචනාවලියක් තමයි සත්‍යවාදියකුගේ දිනපොත ලෙස මම දකින්නේ.
සිංහල බ්ලොග් එකක් පවත්වා ගෙන යන මම මෙ ලියවිලි ද සිංහලෙන් කියවන්නන් විසින් පරිභාෂණය කිරීම වැදගත් යැයි සිතන නිසයි මෙතන පළ කරන්නේ.
ඇත්ත වශයෙන්ම ඔබ ප්‍රශ්න කළ යුත්තේ මා නොව එක්කෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ සුනිල් අයියා විය යුතුය.
එනමුදු මම මගේ අදහස මෙසේ දක්වමි.
කොටි සංවිධානය සටන් කරන්නේ පංති විමුක්තියක් සඳහා නොව භූමියක නිජභාවය අරභයා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ආස්ථානය විය හැකි බැවින් ඔවුන් එම විරෝධය පවත්වා ගන්නවා විය හැකිය. ඒ මගේ අදහසයි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් උත්තර බැඳිය යුතු ඔබගේ ප්‍රශ්නයට ම විසින් දක්වා ඇත්තේ මගේ අවබෝධය මිසක් ඔවුන් වෙනුවෙන් ඔබට පිළිතුරු බැඳීමට මට නොහැකි වන්නේ මම ඔවුන් නියෝජනය නොකරන බැවිනි.
ඉහත මා උපුටා දක්වන ලද ඔබ විසින් නිර්මාණය කරන ලද කවියේ කොටසින් මා දකින්නේ ඔබ ද කිසියම් සමාජ දැක්මකින් ජීවත් වන්නකු ලෙසය. බොහෝ දේශපාලනික ගැටළු අරභයා ඔබ ද අවදියෙන් සිටින්නකු ලෙස මා වටහා ගන්නේ ඔබෙ වචන හරහාමය.
ඔබ ද එබඳු සද් චෙතනාවකින් සැබෑ ලෙස නිර්මාණකරනයේ යෙදෙන්නකු නම් ඔබට ද එබඳුම අදහස් තිබිය යුතුයැයි මා තරයේ අදහන බැවින් මෙලෙස මෙ කෙටි සටහන හමාර කරමි.