Sunday, April 5, 2009

කැත කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්තාව -ජගත් මාරසිංහ


මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බූදය

[අකාලයේ විශ‍්‍රාම ගැනීමට සිදුවූ සුරා සොඩෙකුගේ පසුවදන = පෙරවදන]


පස්වාන් දහසකට වැඩි කාලක් බලු වූ මිනිසුන් අතරට එක් වී සිටි මගේ කාබනික සිරුර මා නොදැනුවත් ම මහමග වැතිරෙන සඳ අනෙකුන් මෙන් අහක බලාගෙන නොගොස් මගේ තොල කට ලෙවකා සුද්ධ පවිත‍්‍ර කර ගිය සුනඛයන් සිහි කර යාතිකා කරන වග නම්...


බිව්වම පිස්සු හැදෙනවා කියන්නෙ බොරු. බීමෙ ව්‍යාකරණය පැටලුණා ම කායිකව මානසිකව ලෙඩ වෙනවා කියන්නෙ ඇත්ත. බීම කියන්නේ සුන්දර මිනිස් අවශ්‍යතාවක්. ඒකටත් ව්‍යාකරණ තියෙනවා. බීම නවත්තන්න බැහැ කියන්නේ රියල් බොරුවක්. බීම නවත්තන්න බෙහෙත් තියෙනවා කියන්නේ බහුජාතික සමාගම් බොරුවක්. ඒකට ඔන උවමනාව...



දෙවන යාතිකාවෙන්
කැත කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්තාව
ජගත් මාරසිංහ



ජගත් මාරසිංහයන්ගේ කැත කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්තාව අමුතුම පොතක් බව නොකියාම බැරිය. එහි අන්තර්ගත වන්නේ යාතිකාවන් හතරකි. එම යාතිකාවන් පුරුෂ කේන්ද‍්‍රීය සමාජය දික් අතට පළා එහි පැති කඩක් පෙන්වන්නට සමත් වන්නේ යැයි මට සිතේ. කිසියම් දේශපාලනික පසුබිමකින් ව්‍යුත්පන්න වන දැනුම් කෝෂ්ඨයකින් පෝෂිත දඩබ්බර සමාජ විපරිතයකුගේ වාගාවලියක් ලෙස නිර්මිත මෙ ලිපි මාලාව කියවන්නන් නව මානයක් කරා කැඳවා යන්නට සමත් වන්නේ යැයි මගේ අදහසයි.

විවිධ තේමා ඔස්සේ ගොනුවන ජගත් ගේ වියමන් අතර මාක්ස්වාදී විශ්ලේෂණ ද ගණිතමය විග‍්‍රහයන් ද ඒවායේ නිර්මාණශීලි කතෝපකතනයන් බවට ඌණනය වූ ඡේ ද ද බොහෝ වෙ.




මට මෙ පොත කියවද්දී ඩෙස්මන්ඩ් මොරිස්ගේ මනුසත් උයන [Human Zoo] සහ නිරුවත් වානරයා [Naked Ape] මතක් විය. මාක්ස්වාදයේ පදනම් විචක්ෂණ ලෙස ප‍්‍රශ්ණ කිරීම ද මෙම කෘතියේ තවත් විශේෂත්වයක්.

ලිංගිකත්වය මධුලෝලත්වය සහ මනෝභාවයන් ගැන අතිෂය නිර්දය නිර්මාණාත්මක නිගමන වලින් සුපොෂිත ජගත් ගේ මෙ වියමන පාඨනය උදෙසා කදිම වියමනක් බව නොකියා බැරිය. මෙ උපුටනය පිටු අංක 121 හමුවන පුරුෂ ලිංගික හීනමානයන් ගැන ලියැවුනු රසවත් කොටසකි.

'ලිංගික අවයවයන්ගේ ප‍්‍රමාණය ගැන සිතා මානසික විස්සෝපයක් ඇති කරගන්නේ පුරුෂ පක්ෂය පමණක් ම කියන්නන් හට නම් අවලස්සන අනුකම්පා කරයි. තම ජීවිත පලාඵල ඇසීමට යන බොහෝ කතුන් මෙසේ අසන බව අවලස්සන අතදැකීමෙන් දනී. "මට ඇත්තේ බැළලි යෝනිය, එයාට ඇත්තේ ඇත් යෝනිය, එයාගෙන් මට හරිම වෙදනයි. සාත්තරයට කියන අනියම් පුරුෂයාගේ ලිංගික අවයව නම් මට ගැලපෙයි. මම එයාගෙන් වෙන් වුණොත් අනාගතයට ප‍්‍රශ්ණයක් වෙදැ"යි බොහෝ කතුන් විමසනු ලැබෙයි. බොහෝ විට පිරිමින්ගේ ලිංගික අවයවයන්හි ප‍්‍රමාණය පිළිබඳ මානසික අවපීඩන තත්වයක් ප‍්‍රකාෂ වන අතර ස්ත‍්‍රීන් නම් සැබෑ ද‍්‍රව්‍යමය තත්වයන් තුලින් උපන් සිතුවිලි ම බොහෝ දුරට එ වැනි ප‍්‍රශ්ණ සඳහා පාදක වී ඇති වග අවලස්සනට ඉතා හොඳින් වැටහී තිබෙයි. පටලවා ගෙන ඇති ජ්‍යොතිෂ ශාස්ත‍්‍රයේ ලිංග පොරොන්දමෙ සත්‍ය අසත්‍ය බව කුමක් වුවත් මිනිසාගේ ලිංගික ප‍්‍රශ්ණ සඳහා සුපැහැදිලි කතිකාවකට නම් එය විශිෂ්ට සාධකයක් ම වී තිබෙයි. ස්වාභාවයෙන්ම සත්ත්ව සංහතියට උරුම වී ඇති විවිධත්වයේ සංවෙදී ස්වරූපය සිතන ද‍්‍රව්‍යයට ද එහි ලිංගික තාක්ෂණයට ද නැතැයි පැවසීම මුලාවක් බව ද අවලස්සන දනී. එහෙයින්ම විවිධ ස්වරූපයන්ගෙන් ආස්වාදය උරගා බැලීමට ඒක ලිංගික පවුල් දෙපාර්තුමෙන්තුවෙ සීමා සහිත භාවය නිසා ම එ වැනි ආකල්පයෝ බොහෝ මිනිසුන් තුළ හොල්මන් කරයි. ස්ත‍්‍රී යෝනිය දරු ප‍්‍රසූතියෙන් පසු හෝ සැත්කම් වලින් විශාල වන මුත් පුරුෂ ලිංගය බද්ධ කිරීමකින් වත් විශාල කිරීමෙ සිරිතක් නැති නිසා ළදරු පිරිමි දරුවන්ගේ ලිංගයට ගම්මිරිස් පිඹ කොහොඹ තෙල් දුන් අල්ලා එය වර්ධනය කිරීමට පුංචි කල සිටම උනන්දු වූයේ ද මව්වරුන්ම බව පුරාවෘත්තික ඇති දැඩි කිරීමෙ නියාමයන් තුළ ලිංගික වර්ධනයට කරන කියන දෙයින් වටහා ගත හැකි වෙයි. පත්තිනි අම්මාගේ ස්වාමියා වළලා තිබුණේ කොහොඹ රුකක් මුලය. පත්තිනි අම්මා පතිවත ආරක්ෂා කරමින් ඉදිකටුමලක් උඩ සිටගෙන බුදු බව පැතීමත් මව්වරුන් පිරිමි දරුවන්ගෙ ලිංගය වැඩීමට කොහොඹ තෙල් පාවිච්චියක් අතර කදිම ලිංගික දේශීය ක‍්‍රමවෙදයක් පෙන්නුම් කරයි. භගමණියේ ස්පර්ශයෙන් පමණක් ස්ත‍්‍රිය තෘප්තිමත් වන වගත් එ හෙයින් පුරුෂ ලිංගයේ ප‍්‍රමාණාත්මක වෙනස සංසර්ගයේ දී ස්ත‍්‍රී ආස්වාදයට අදාළ නොවන වගත් බටහිර විද්‍යා ක‍්‍රමවෙදයේ සඳහන් කරුණු ආසියාතිකයන් මනාව දන්නා මුත් කාම ව්‍යාකරණයන්ගේ ද‍්‍රව්‍යමය සුවිශේෂයකින් පමණක් විග‍්‍රහ කිරීමෙන් ප‍්‍රශ්ණ නොවිසඳෙන වග අවලස්සනට හිතෙයි.

මෙවැනි මෙනියා තත්ත්වයන් නිසා ම පුරුෂයන් බොහෝ දෙනෙක් ඒකලිංගික පවුල් සංස්ථාව තුළ පුරුෂ චින්තනයේ පටු බවින් නිපන් ගූඨ භාවය නිසාම හීනමාන රොගයෙන් පෙළෙති. '

4 කුළිය:

Anonymous said...

අවස්ථා ගනනාවක දී කියවන්න මග ඇරුන පොතක්
අරන් කියවන්න ඕන!

Anonymous said...

මම මේ පොත ප්‍රසිද්ධ පොත් සාප්පු කිහිපයකින්ම විමසූ නමුත් සොයාගන්න නොහෑකි වුනා.. කරෑණාකර හෑකිනම් පොත මිලදී ගත හෑකි ස්ථානයක් සදහන් කරන්න පුලුවන් ද?

Dimuthu said...

ජගත් අයියා ගාව ෙපාත අැති, නැත්නම් සංහිද - විෙජ්රාම හන්දිෙය් ඒතනින් අහන්න. ඒයාලා තමයි පබ්ලිෂ් කෙළ්

Dinuka said...

පොඩි ඔත්තුවක්. නුගේගොඩ සරසවි එකේ තිබුණා..බැලුවද දැන් නැද්ද?