සිතිවිලි ගංගාව මතුපිට නිසලය
සිතිවිලි ගංගාව මතුපිට නිසලය
වියතක් යටින් දිය සුළිය
දිය වැලය
නොපෙණේ චණ්ඩ ඒ සුළි
පය තැබූ කල දැන හෝ නොදැනි
අතොරක් නැතිව ගසා කරකවා කැඳවයි
අතීතකාමයේ
දිය මඩ ඇහිරු බිම්ගෙය වෙත
තබත් වරක් දිය පතුල මත පියවර
කෙතරම් ඉසියුම්වැ ගණන් කර
වටකර ගනියි නොස්ටැල්ජික දිය සෙවෙළ
ලුහුටා දමමින්
අතීත-අනගත -වත්මන බැඳුම්
ගිලිහෙයි සළුපටල සැණින්
වසා පැතිරුන රොමාන්තික සිහින
අත්කර ගනියි සිහින වල බුරුල් තැන්
වනසා ලයි ඉර ඉර සළු තූ තූ කර
මතු කර ජීවිත කලංකය
තැනෙක දිය ඝණවැ ගොස්
පෙඳ පාසිගත දැලි රැවුලු වවාගත්
නෙක ප්රශ්න මුවින ගත්
විප්ලවකාරී අවුල් හිස කෙස්
වැනිය දිය යට අඳුරු හරිත පෑ ඇතිරිලි
ගඟ දිය ශ්රමය නිසාවෙන් හැඩ ලද නෙක
බිත්තර හැඩැති තිරිවාන ගල්
හැපී පෙරලෙන දිය වැලේ අත
මිණි කැට සංකුල පාංශු භංගුර
විහඟ රූ මෙන් අහස පියා සැරි සැරි
වලිග වනා පිහිනා යන කුඩමසු සිතිවිලි
හැපී නොහැපී ගිලුනු බඳ ඔරු කඳ කැබැලිති
සිප යන මීන රැස ඇසේ වැදි වැදි වරල් පෙති පෙති
සිතිවිලි ගංගාව මතුපිට නිසලය
වියතක් යටින් දිය සුළිය- අවුලුවයි දිය ගිනි පුළිඟු
නොපෙණේ චණ්ඩ ඒ සුළි
පියවි ඇසින් සිහියෙන් නම් කිසි කලෙක දි
10/2010

Comments
මහත් තුඟු විලාසෙන් මන ගඟ
නොමනිමි ගැඹර
ගසා යමි-