රතු වළාවක්
මුහුදු වෙරළ අවලස්සන-කිපී රළ අනින උඩ පැන පැන
පෑරී ඇති කඩතොළු තැන තැන-ගුරු පැහැති අවක්ෂේප විසිරුන
ඛනිජමය වැලිතලාවක සටහන් වූ පියවර-අවපස එල්ලා හැලෙන මුදු සඳ
අහසේ වැටී පැලැස්තර
සඳ ඇබින්දක් සුවෙනි- හෙලයි දුක්බර කැළුම් අවසඟ
ඇවිද යමි
අතිනත ගෙන තුරුළු කරඇවිද යමි
සංකර
කුරුළු තුඩු නද මධුර
ඇසෙයි තත් සුසර සුනු- වීණාවක් වැයෙන ලෙස
පොල් කටු අඟුරු අහස කෙළවර
හිරු තැලෙයි රක්ත තප්තව සැඳෑ කල
රතු වළාවක් උරා හිරු හෙලූ ඒ රුහිර
රතු පැලැස්තර ගහණ දුරුවල අහස් කුස
කොයින්ද එතරම් ඝණ පැහැසරය
අවරදිග පැතලි අහස මත පැතිරුන?
නවතිමි සුපුරුදු ගල් තලය මත
හැරී බලමි පසුකොට ආ දිගු දුර
අතිනත ගෙන පැමිණ ඇත තනිකම
මෙතෙක් දුර තනි නොකර මා හදවත
හිරු අවසන් සුසුම හෙලූ කල
දැනෙයි ගෙල වට බියකරු සිහිල
රූරා හැලෙයි රක්ත වර්ණිත ලේ දහර
ගෙල දෙපස; අහසින් පොලව මත වට...
10/2010
Comments
සොයා ගත්තොත් එහි ඇති සුවය, සදාකාලික සුයාමයක්.
බැඳුම් නැති ආදරය නිවනක්..
සොයා ගියත් අනන්තය තෙක්
කොහෙන්වත් ලැබෙන්නැති
බැලුවොතින් ටිකක් නැවති
තමන් තුළම ඇති,
හෙවණක්.
ලෝකයම නිවාලිය හැකි උල්පතක්
පෑදුණොත් මහ දිග ගඟක්...
අහස් දිය වත් යදින්නේ නැති
යුප්රටීස් සේ සදා නොසිඳෙන
මහ ගඟක්.
අසල බැව් දැනේ...
මතක දහරක ලෝහිත-සීතල වීය හද මත
දිනෙක මේ වෙරළත-මහ හෝටලය අබියස
උනුන් පටලා අත-සියක් පෙම්වත් සුසුම් පැතිරෙත
ඔය ගල් තලාවම මත-මතුවු හිරිගල් කටුව විනිවිද
ගිනි හිරු අඳුර සිපගත-අහස දියවී සිපී මිහිකත
දියබත් ඔබේ රළු වත -මුවාකරගත් ඒ මියුරු රත
වියලවා හද තෙත-කොයිබ ගිය විද සොයයි සඳවත
JJE
අත් ඔසවා ඉහළට
සදයි පිරිමිඩාකාර
මහත් වියරු සිත්තම්
ඝෝෂාකාරී අකුරු
විසි කර තලයි තනි හිත්
අන්න තුරු ගබ
කුමට තව වෙරළත!!