කළු කුහර දූපත


කළු කුහර දූපත

ආලෝකය පිට නොකරන
කළු කුහරය
විද්‍යුත් චුම්භක තරංග
උරා බඩතුර
සගව ගත් කළු කුහරය
විශ්වයේ වටතිරය
ආලෝක පඳුරක්
ගිලගත් පරිධිය

පුවත් නිදහසේ
අඳුරු සෙවණැලි
විදුලියෙන් හඹා යන
උරා ගෙන ගිලා බසින

කළු කුහරය
විශ්වයේ කෙළවර නොව
මෙතනමයි
මෙන්න මෙතන !

දේශාංශක
අක්ෂාංශක අතර හිරවුන
කළු කුහරය
කුංඡ නාද පමණක්

කන් සිදුරු තුල දුවන

කළු කුහරය
විශ්වයේ කෙළවර නොව
මෙතනමයි
මෙන්න මෙතන !!

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009-01-21

[නිමිත්ත කූඹියාගේ "ගාසා?" කවිය]

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31