Thursday, January 22, 2009

කළු කුහර දූපත


කළු කුහර දූපත

ආලෝකය පිට නොකරන
කළු කුහරය
විද්‍යුත් චුම්භක තරංග
උරා බඩතුර
සගව ගත් කළු කුහරය
විශ්වයේ වටතිරය
ආලෝක පඳුරක්
ගිලගත් පරිධිය

පුවත් නිදහසේ
අඳුරු සෙවණැලි
විදුලියෙන් හඹා යන
උරා ගෙන ගිලා බසින

කළු කුහරය
විශ්වයේ කෙළවර නොව
මෙතනමයි
මෙන්න මෙතන !

දේශාංශක
අක්ෂාංශක අතර හිරවුන
කළු කුහරය
කුංඡ නාද පමණක්

කන් සිදුරු තුල දුවන

කළු කුහරය
විශ්වයේ කෙළවර නොව
මෙතනමයි
මෙන්න මෙතන !!

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009-01-21

[නිමිත්ත කූඹියාගේ "ගාසා?" කවිය]

0 කුළිය: