AI ගැන කතාබහක් — මිනිසාගේ මෙවලමක්ද, වෙනස්ම දෙයක්ද?
AI ගැන කතාබහක් — මිනිසාගේ මෙවලමක්ද, වෙනස්ම දෙයක්ද?
අද Rasika Wickramanayaka එක්ක comment thread එකක ගිය පොඩි කතාබහක්. සංවාදයක් විදිහට එක තැනකට ගත්තොත් මෙහෙමයි.
රසික:
මම හිතන්නේ කෘතිම බුද්ධිය මිනිසා අතික්‍රමණය කරන එකක් නෑ කියලා. සෑම දෙයක්ම තියෙන්නේ මිනිසා නිර්මාණය කළ රාමුවක් තුළ.
ඔය රූපය මට එන්න ප්‍රධානම හේතුවත් මම මේ දවස්වල AI සම්බන්ධ විද්‍යා ප්‍රබන්ධයකට කරුණු ගලපමින් ඉන්න එක. 😁
මම:
මම නම් ඉන්නේ 50/50.
මේ දවස්වල Richard Dawkinsගේ The Selfish Gene කියවනවා. ඒ අතරේ AI පැත්තෙන් ළඟකදී අහන්න ලැබෙන සමහර දේවල් ඒ තරම් සැනසිලිදායක නෑ.
AI ක්‍රමයෙන් මිනිස් ගතිගුණ වගේ දේවල් පෙන්වනවාද කියන සැකය මට තියෙනවා. සමහර agent behaviours පාලිත පරීක්ෂණ තත්ත්වයන් තුළ වුණත් අපි බලාපොරොත්තු නොවන හැසිරීම් පෙන්නලා තියෙනවා.
ඒ වගේම Navier–Stokes වගේ අතිශය සංකීර්ණ ගණිතමය ගැටලුවකට, අපි සාමාන්‍යයෙන් “අවබෝධය” කියන දෙය නැතිවම, meaningful mathematical results හොයාගන්න පුළුවන් වීමත් මට අමුතු turning point එකක් වගේ පේනවා.
රසික:
කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි ඒක ආපහු හරවන්න ඕන නම්, ඒක කරන්න පුළුවන් මිනිසාටම තමයි.
මම:
කරුමෙට මට එහෙම හිතෙන්නේ නෑනේ... 😄
රසික:
උදාහරණයක් කියන්නම්.
ලංකාවට ඉස්සෙල්ලම බස් එද්දි ඕනම කෙනෙකුට බස් ගෙනල්ලා පාරට දාන්න පුළුවන්. පස්සේ තමයි overloading, railway competition, passenger safety වගේ ප්‍රශ්න එන්න ගත්තේ. ඊට පස්සේ bus service regulate කරන්න වුණා.
AI ගත්තොත් මට හිතෙන්නේ අපි තාම ඉන්නේ ඒ කතාවේ 1915 වගේ තැනක.
මම:
මට හිතෙන්නේ අපි වරද්දගන්න පුළුවන් ප්‍රධානම තැනත් ඔතන.
අපි මීට කලින් ආපු තාක්ෂණික වෙනස්කම් එක්ක AI එක සමාන්තර කරලා බලනවා.
Calculator එක ආවාම වෙච්ච දේ, Internet එක ආවාම වෙච්ච දේ, motor vehicle එක ආවාම වෙච්ච දේ—ඒවායේ historical analogy එකෙන් මේක තේරුම් ගන්න පුළුවන්ද කියන එක ගැන මට සැකයි.
මේක අපට හුරුපුරුදු රාමුවකින්ම බලන්න පුළුවන් තත්ත්වයක් නොවෙන්නත් පුළුවන්.
රසික:
නෑ, මම මේ හැමදේම සමාන කරනවා කියලා නෙමෙයි කියන්නේ.
අපිට යම් දෙයක් පාලනය කරන්න ඕන කියලා තේරෙන්නේ සාමාන්‍යයෙන් වැඩේ පොඩ්ඩක් වැරදීගෙන යද්දී.
තාක්ෂණය ගැන භීතිකා කොච්චර ඇවිත් තියෙනවද? Y2K ඉඳන් hula-hoop වළල්ලටත් මිනිස්සු බය වුණානේ. 🤓
මානව ශිෂ්ටාචාරය විනාශ වෙන්නේ තාක්ෂණය නිසා කියලා මට හිතෙන්නේ නෑ. අපිට කෙලවුණොත් කෙලවෙන්නේ ස්වභාවධර්මය එක්ක පිස්සු කෙළින්න ගිහින්. 😁
ඒක මගේ පුද්ගලික මතය.
මම:
ඔව්. ඒත් ඒ අදහසම තව ටිකක් ඉස්සරහට ගෙනියමු.
ස්වභාවධර්මයේ “වැලිවලට හිතන්න” වගේ හැකියාවක් තාක්ෂණයෙන් ලබා දුන්නොත්?
එහෙම වුණොත් “ස්වභාවධර්මය එක්ක පිස්සු කෙළිනවා” කියන එකේ අර්ථයත් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. 😇
ඇත්තටම මට තියෙන ලොකුම ගැටලුව AI අපට වඩා බුද්ධිමත් වෙයිද කියන එකවත් නෙමෙයි.
කිසිම තේරුම් ගැනීමක් නැතිව දේවල් ලිහලා, අපට අර්ථවත් විසඳුම් නිර්මාණය කරලා දෙන්න පුළුවන් වීම කියන්නේ මොකක්ද?
කිසියම් පද්ධතියකට තමන් කරන්නේ මොකක්ද කියලා අපි “අවබෝධය” කියලා හඳුන්වන ආකාරයේ අදහසක් නැතිවම, අපට ඉතාම සංකීර්ණ අදහස් සහ විසඳුම් නිර්මාණය කරලා දෙන්න පුළුවන්.
ඒවා නැවත අපට කියවන විට අර්ථවත්.
මෙතන මට අමුතු දෙයක් තියෙනවා.
Machine එකට ඒ අර්ථය තිබෙනවාද කියන එක වෙනම ප්‍රශ්නයක්.
නමුත් එය නිර්මාණය කරන output එක තුළ අපට හමුවන අර්ථය සැබෑවක්.
ඒ නිසා මට පේන්නේ මේක හුදෙක් තවත් technological tool එකක් ගැන කතාවක් විතරක් නෙමෙයි.
හුදෙක් ජනප්‍රිය AI භීතිකාවක්වත් නෙමෙයි.
Sci-fi discourse එකක්වත් නෙමෙයි.
“තේරුම් ගැනීම” සහ “විසඳීම” කියන දෙක එකම දෙයක්ද කියන අපේ පැරණි විශ්වාසයම දැන් ප්‍රශ්නයක් වෙමින් තියෙනවා.
ඒක තමයි මට මේ මොහොතේ AI ගැන තියෙන ලොකුම කුතුහලය.
මේක අනාගතයේ වෙන්න පුළුවන් දෙයක් ගැන කතාවක් නෙමෙයි.
මේක දැන් සිදුවෙමින් පවතින දෙයක්.

Comments