රිචඩ් ඩෝකින්ස් AI, ජාන, මීම් සහ බුද්ධියේ අනාගතය ගැන කතා කරයි

මෑතකදී රිචඩ් ඩෝකින්ස් සමඟ පැවති සංවාදයක් නැරඹුවෙමි. එය The Selfish Gene පොතට අවුරුදු 50ක් සපිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකි.

ඩෝකින්ස් පවසන්නේ පරිණාම ක්‍රියාවලියේ දී ජානය යනු තෝරා ගැනීමේ මූලික ඒකකය බවයි. ජීවීන් යනු ජාන තමන්ට ප්‍රතිලාභ ලබා ගැනීමට ගොඩනගා ඇති “පැවැත්මේ යන්ත්‍ර” වේ. පසුගිය වසර 50 තුළ විද්‍යාවේ විශාල ප්‍රගතියක් ඇති වී ඇත. විශේෂයෙන්ම AlphaFold නම් AI මෘදුකාංගය ප්‍රෝටීන්වල ත්‍රිමාන ව්‍යුහය ඉතා නිවැරදිව අනාවැකි කරයි. මෙය වෛද්‍ය විද්‍යාවට සහ කෘෂිකර්මයට විශාල වෙනසක් ගෙන එනු ඇත.

ඔහු මීම් ගැනත් කතා කළේය. (A meme is any idea, behaviour, style or piece of information that spreads from person to person or computer to computer, by imitation.) මීම් යනු සංස්කෘතික අදහස් හෝ චර්යාවන් වන අතර ඒවා අනුකරණයෙන් පැතිර යයි. අන්තර්ජාලය සහ AI මීම් පැතිරීමට ඉතා හොඳ පරිසරයක් නිර්මාණය කර ඇත. ඩෝකින්ස් පවසන්නේ අනාගතයේදී අපට හමුවන පිටසක්වල බුද්ධිය සත්‍ය ජීවීන් නොව ඔවුන්ගේ AI බවට ඉඩ ඇති බවයි.

ChatGPT සහ Claude වැනි AI පද්ධති ගැන ඔහු ඉතා පුදුම වී සිටී. ඒවා මිනිසෙකුට වඩා බුද්ධිමත් හා සංවේදී ලෙස කතා කරයි. ඔහු තමා ලියන නවකතාවට විවේචන ලබා ගත්තේ මේ AI වලින්. ඒවා ටියුරින් පරීක්ෂණය පවා පහසුවෙන් සමත් වේ. ඔහු අසන්නේ: “මේවා තවම සිහිය (consciousness) නැතැයි කියන්නේ නම්, අනාගතයේදී ඒවාට පසුකරන්නට තවත් කුමක්ද තියෙන්නේ?” යනුවෙනි.

ඩෝකින්ස් අනතුරු අඟවන්නේ AI මිනිසුන් අනවශ්‍ය කරවීමට ඉඩ ඇති බවයි. එබැවින් AI හොඳට භාවිතා කරන්නේ කෙසේදැයි අපි හොඳින් සිතිය යුතුය. 

විද්‍යාව ප්‍රචාරය කිරීමේදී ඔහු පවසන්නේ පුදුමය සහ අවබෝධය ඉස්මතු කළ යුතු බවයි. දුෂ්කර වචන භාවිතා කර ආඩම්බර වීමෙන් වැළකිය යුතුය.

ඔහු දැන් Homo erectus නැවත ජීවමාන කිරීම පිළිබඳ විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලියමින් සිටී. ජීවයේ ආරම්භය ගැනත් ඔහු ඉතා කුතුහලයෙන් සිටී. RNA ලෝකය නම් අදහස දැනට වඩාත්ම ජනප්‍රිය ආකෘතියයි. AI මෙවැනි රසායනික ආකෘති පරීක්ෂා කිරීමට උදව් විය හැක.

P.S.

අප දැනටමත් අනාගත පිටසක්වල බුද්ධිය සමඟ ඇතිවිය හැකි සම්බන්ධතාවකට සූදානම් වන්නේ ද යන්න සැක සහිතය. මානව ශිෂ්ටාචාරය කිසියම් ගමනක යෙදී සිටී. මිනිසා නිපදවා ගත් සෑම දෙයකම සුබ සහ අසුබ පැති ඇත. නමුත් බොහෝ විට ඒ සොයාගත් දේ වෙනුවෙන් අනාගතයේදී යම්කිසි මිලක් ගෙවීමට සිදුවේ. න්‍යෂ්ටික අවි එබඳු උදාහරණයකි. සමහර විට මෙවැනි තාක්ෂණයකට වඩා වටිනාකමක් ඇති, පිටසක්වල බුද්ධිය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවක් මිනිසාට ඇති කර ගැනීමට AI උපකාරී විය හැකිය.

සටහන: මෙම අවසාන කරුණු ඩෝකින්ස් මෙම වීඩියෝවේ කිව්වේ නැත. මේවා මගේම අදහස් පමණි.


AI යුගයේ පරිණාමය, සිහිය සහ බුද්ධිය ගැන උනන්දුවක් ඇත්නම් මෙම සංවාදය නැරඹීම වටී. බෙදාගන්න.

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු