මකුළු දැල එලා ඇති විට

නිමිත්ත:

මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ සිසු උද්ඝෝෂණයට එදිරිව බලමුළු ගන්වා තිබූ අවි ආයුධ සන්නද්ධ රාජ්‍ය ආරක්ෂක බලකායේ දැහැන්ගත ඡායාරූපයක් දැකීමෙන්.

වේල දෙවේල ලෙව කන
ඇල් වතුරින් කුස පුරවන
කැන්ටිම් පෝලිම්වල කටුකන
බඩපොතු ඇටකටුවලට සින්න වුන

මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය

ඇස් පොට්ටවන තුරු ලයිට් කණු යට
රැය කරමින පොත පත කියවන
ගෙදරින් ලද කාසියක රහ බලන
මිතුදම් රැහැණින් බැඳී ජීවය පුරන

මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය

මකුළු දැල එලා ඇති විට
නොම හසර දැන ඉගිල පැටලුන අයට
දී දල විශ පහර හිස මැදට
ගොදුරු රුහිරෙන් මත් මද නුහුසනට

මිස

මේ සරසවි දරු දුබල සිරුරු
විනිවිදිනට ඔය අවි බර වැඩිය

ඩෝසන් ප්‍රීති
07/2010

Comments

මෝඩයා said…
මවුබිමේ අනාගතය ගෙනයාමට ඇති තරුණයින් සතුරන් ලෙස දකින එකම කොයිතරම් නම් අභාග්‍යක්ද?නමුත් මෙතැනදී එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමට සමහරුන් උත්සාහ කරනු ඇත...
මව්බිමේ අනාගතය හැසිරුණු හැටි දැක්කනම්... ශික්! හරිම හිරිකිතයි අද කලේ විශ්ව විද්‍යාල වල ළමයි හැසිරෙන විදිය..
Ramindu Perera said…
kalekata passe dekka vadina kaviyak
දුකා said…
දරුවෝ දරුවෝ විදිහට නොදකින සමාජයක ජීවත් වෙන්න ලැබෙන එක මහා කරුමයක් කියලා මට නම් වෙලාවකට හිතෙනවා
රාමචන්ද්‍ර කිව්ව වගේ උඹ නියමෙට මේක අපේ බොක්කට වදින්න ලියලා තියෙනවා මචං . . .
ඩෝසන් said…
අදහස් දැක්වූ සැමට ස්තුතියි.

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්