ඔබ සදා කල් මසිතේ ලැගුම් ගනී....


කනස්සල්ලක් විශ්වයේ ඇත
තැනින් තැන ‍විසිරී ගලා යන
නිරතුරු ඇද හැලෙන වැස්සකි
අන්තරීක්ෂ කිරණයක වුන හිර

ගලා හැලෙයි ඇල්ලක් විලස ‍‍
විසිර කැටි කැටිති දිය බුබුළු
වැදී පාෂාණ දාර මත
නගයි පෙණ කැටි සැනින් පුපුරන

පසා වෙයි හද බිත්ති
කම්පනය කරවයි සියුම් තන්තු
පාරවයි අනන්ත සියුමැලි සිතුවිලි
මැවී යයි දෙසවන තත්සර එබඳු

වීණාවක පැටළුන තතක් සේම
තතක පැටළුන ඇඟිල්ලක් සේම
කවුරුන් හඩ නගයි දැයි සිත සැලෙයි
එනමුත් හද සෝ රාවය ම රැව් දෙයි

මුව මී රොණ් ගලා සැලී
මත් වූ සිත් අද සසැලී
තැනින් තැන ගලා යන විසිරී
සිර වී වැළපෙන සිතුවමකි පොඩි වී තැලී

[ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු මිනිසා සිහි වී ලියැවුණි. ]


ඊ ඒ ඩෝසන් ප්‍රීති
31/07/2010

Comments

"ප්‍රේමයේ කිතු ගොස"

සියපතක්ම ය සුවඳ විහිදන
පිනි පොදක්ම ය සිසිල පූදන
දිරන වැළලෙන කයින් නික්මුණ
නමුදු ගුණ කඳ උස්ව ළෙල දෙන.

ඔබට නිවන් සුව!!!
Anonymous said…
ප්‍රේම්....!
සඳ කැන් වැටිලා අඳුරේ එතිලා...

කවියට, ගීතයට, නිවේදනයට ක්ෂණිකවම වචන එකතු කළ ප්‍රේම්... ක්ෂණික රචකයා ප්‍රේම්...
හිතා ගන්න බැරි විදියට ක්ෂණිකව ගී ලියූ ප්‍රේම්..
ක්ෂණයකින්ම මැකී ගිය ප්‍රේම්...!

ඔබ කළ නිර්මාණ වලට අපි අදටත් ණය ගැතියි.
වටිනා මිනිසෙක් පටු දේශපාලනය විසින් බිලි ගත්තා.. අපේ අවාසනාවට

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්