මකුළු දැල එලා ඇති විට
නිමිත්ත:
මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ සිසු උද්ඝෝෂණයට එදිරිව බලමුළු ගන්වා තිබූ අවි ආයුධ සන්නද්ධ රාජ්‍ය ආරක්ෂක බලකායේ දැහැන්ගත ඡායාරූපයක් දැකීමෙන්.
වේල දෙවේල ලෙව කන
ඇල් වතුරින් කුස පුරවන
කැන්ටිම් පෝලිම්වල කටුකන
බඩපොතු ඇටකටුවලට සින්න වුන
මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය
ඇස් පොට්ටවන තුරු ලයිට් කණු යට
රැය කරමින පොත පත කියවන
ගෙදරින් ලද කාසියක රහ බලන
මිතුදම් රැහැණින් බැඳී ජීවය පුරන
මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය
මකුළු දැල එලා ඇති විට
නොම හසර දැන ඉගිල පැටලුන අයට
දී දල විශ පහර හිස මැදට
ගොදුරු රුහිරෙන් මත් මද නුහුසනට
මිස
මේ සරසවි දරු දුබල සිරුරු
විනිවිදිනට ඔය අවි බර වැඩිය
ඩෝසන් ප්‍රීති
07/2010
මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ සිසු උද්ඝෝෂණයට එදිරිව බලමුළු ගන්වා තිබූ අවි ආයුධ සන්නද්ධ රාජ්‍ය ආරක්ෂක බලකායේ දැහැන්ගත ඡායාරූපයක් දැකීමෙන්.
වේල දෙවේල ලෙව කන
ඇල් වතුරින් කුස පුරවන
කැන්ටිම් පෝලිම්වල කටුකන
බඩපොතු ඇටකටුවලට සින්න වුන
මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය
ඇස් පොට්ටවන තුරු ලයිට් කණු යට
රැය කරමින පොත පත කියවන
ගෙදරින් ලද කාසියක රහ බලන
මිතුදම් රැහැණින් බැඳී ජීවය පුරන
මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය
මකුළු දැල එලා ඇති විට
නොම හසර දැන ඉගිල පැටලුන අයට
දී දල විශ පහර හිස මැදට
ගොදුරු රුහිරෙන් මත් මද නුහුසනට
මිස
මේ සරසවි දරු දුබල සිරුරු
විනිවිදිනට ඔය අවි බර වැඩිය
ඩෝසන් ප්‍රීති
07/2010
Comments
රාමචන්ද්‍ර කිව්ව වගේ උඹ නියමෙට මේක අපේ බොක්කට වදින්න ලියලා තියෙනවා මචං . . .