නූතන වග්ගය

ඇස දුටු වරෙක මද මත ඇති ගිජිඳු කුලේ
වැස මහ ධරණි තල වසුරා සිරුරු සැලේ
රැස බස දෙකද නොසවිව දොළ රාහු ගිලේ
දෙස දෙස බලව අඳුරුය ඔත් කළල් විලේ

මිනිසාගේ සාමුහික ජීවිතයට ඇවැසි දැනුමින් ඔවුන් වෙන් වී විනාෂයට පත් වී ඇත්තේ කෙසේ ද යත් පෙර කළ මදැති ඇතුන් මෙන් සවි ශක්තියෙන් වැජඹුනු දැනුමේ කුලීනයෝ වසුරින් අපිරිසිදුව සිය දෙස- රැස- බස යන ති‍්‍රත්ව ශුද්ධාත්මිකයෝ කිළුටෙන් ඔප කර බැබැලෙන්නාහු යැයි ද සපථව මඩ වගුරුහි සැතැපී ස්නානයෙන් පවිත‍්‍ර වන්නාහු යැයි ද සැනැසී චිත්තප‍්‍රමෝද්‍යාදියෙන් සන්තෘප්තව විනාෂයට යන්නාහුය.
විපරිත පක්ෂ භේද හේතුවෙන් මෙ සියල්ල මනෝකෘත වී ඇත්තේ, සියල්ලෝ එහි නොරසම වළඳන්නාහු බව හසරක් නැත්තෝ මෙන්, අන්ධව වසන්නා මෙනි.


නූතන වග්ගය

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31