රවි සිරිවර්ධනගෙ කවි

ගසක අරුම

ගෙදරට එන- පාරෙ දුවන
බෙන්ස් වලට
රිකිලි සලා ටටා කියන
මැදුරෙ තේජසින් යැපී
පිළිල හංගගෙන බඩවත
මහත දෙහෙත අතු ඉති ලන
නුග ගස නුඹ...

කටුසර පොළොවෙ දළුලන
මහමග දූවිලි වළඳන
මන්දපෝෂනෙන් ඔත්පල වුණ ගස් වෙත
වෙලුන නුග කොළ විසිකර
කොචොක් කරන...

කෙසග ගසක
පුංචි ම අතු
සොදුරු මල් කැකුළු පුබුදා
සුවද ඉසින විට පවනට
කාක්කන් ලවා මුහුණට වසුරු හෙලන

ගසක මහිම බල අතු අග
හිස් බව පීදී ලඹ දෙන...




නූතන ගුරුවරයෙකුට - සිසුවෙකුගෙන්

"කලංකය
කීලය
මනිපත‍්‍රය
මුකුටය
අරක
මෙක
අහවල් එක"

"හත්වලාමෙ
ඔය
ඇති
මං කැමති විදිහට
මලින් මල
විඳින්නට
ඉඩක් නැති හැටි"



රවි සිරිවර්ධන 2001

රවි සිරිවර්ධනයන්ගේ දෙවන කාව්‍ය සංග‍්‍රහය වන පිළිසදරින් උපුටා ගන්නා ලදී.

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31