Posts

Showing posts with the label Navier-Stokes

Navier–Stokes: OpenAI සොයාගත්තේ විසඳුමක්ද, නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද?

Image
 📢 හෙට රාත්‍රී 7.30ට | Dawson Preethi YouTube නාලිකාවෙන් Navier–Stokes: OpenAI සොයාගත්තේ විසඳුමක්ද, නැත්නම් වෙනත් ප්‍රශ්නයක්ද? ගණිත ලෝකයේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්නයක්, කෘත්‍රිම බුද්ධිය යොදාගෙන කළ දැවැන්ත පර්යේෂණයක් සහ ඒ වටා මතුවන අලුත් විවාදයක්! OpenAI විසින් AI Agents දහස් ගණනක් යොදාගෙන සිදුකළ Navier–Stokes පර්යේෂණයේ සැබෑ ගණිතමය වැදගත්කම කුමක්ද? ගණිතමය සාධනයක් සහ භෞතික යථාර්ථය අතර වෙනස කුමක්ද? AI එකක් ගණිතය නිර්මාණය කරන විට මිනිස් බුද්ධියට සහ නිර්මාණශීලීත්වයට හිමි තැන කුමක්ද? Newtonගේ දෙවැනි නියමයේ සිට Navier–Stokes සමීකරණ දක්වාත්, එතැනින් Mathematical Unconscious පිළිබඳ දාර්ශනික ප්‍රශ්නය දක්වාත් යන සිංහල සාකච්ඡාවක්. 🎬 හෙට, ඔක්තෝබර් 13, අඟහරුවාදා රාත්‍රී 7.30ට (ශ්‍රී ලංකා වේලාවෙන්). ගණිතය, භෞතික විද්‍යාව, AI සහ දර්ශනය ගැන කුතුහලයක් ඇති ඔබ සැමට ආරාධනා! #NavierStokes #OpenAI #Mathematics #ArtificialIntelligence #DawsonPreethi

Navier–Stokes සාධනයක් හමුවේ ඉංජිනේරුවෙකුගේ ප්‍රශ්න 15ක්

Image
  Navier–Stokes සාධනයක් හමුවේ ඉංජිනේරුවෙකුගේ ප්‍රශ්න 15ක් OpenAI, AI Agents 10,000ක්, ගණිතමය තරංග, බල සමතුලිතතාව සහ භෞතික යථාර්ථය පිළිබඳ ප්‍රශ්නෝත්තර සංවාදයක් හැඳින්වීම: මම මේ ගණිතමය සාධනය පසුපස මෙතරම් දුර ගියේ ඇයි? මෑතකදී OpenAI ආයතනය විසින් AI සහාය ඇතිව Navier–Stokes සමීකරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ගණිතමය පර්යේෂණයක් පිළිබඳව කියවන්නට මට අවස්ථාව ලැබුණා. Navier–Stokes සමීකරණ මට සම්පූර්ණයෙන්ම අලුත් විෂයයක් නොවෙයි. ඉංජිනේරු විද්‍යාවේදී අපි තරලයක චලනය, පීඩනය, දුස්ස්‍රාවිතාව (viscosity), බල සහ ගම්‍යතාව (momentum) අතර සම්බන්ධය අධ්‍යයනය කරනවා. ඒ වගේම මගේ පශ්චාත් උපාධි අධ්‍යයනයේදී ගංගා ප්‍රවාහ ආකෘතිකරණය සහ Saint-Venant සමීකරණ පිළිබඳවත් කටයුතු කර තිබෙනවා. එහෙත් මේ පර්යේෂණය කියවන්නට පටන්ගත් විට මට දැනුණේ අපි හුරුපුරුදු භෞතික ලෝකය වෙනුවට, විශේෂ ගණිතමය ශ්‍රිත, දෝලන, තරංග සහ ඒවායේ අන්තර්ක්‍රියා පාලනය කරමින් ගොඩනඟන වෙනස්ම ලෝකයකට ඇතුළු වී ඇති බවයි. මගේ ප්‍රශ්නය වුණේ, මෙවැනි ගණිතමය නිර්මාණයක් තුළ නිව්ටන්ගේ දෙවැනි නියමය කොතැනද ක්‍රියාත්මක වන්නේ යන්නයි. මේ ප්‍රශ්න ගැන මම ChatGPT සමඟ දිගින් දිගටම සාකච...

ගලා යන ජලයෙන් සමීකරණයකට: Navier–Stokes, පැරණි ගණිතය, කෘත්‍රිම බුද්ධිය සහ Lacanගෙන් අප නොදන්නා දෙය දක්වා

Image
  ගලා යන ජලයෙන් සමීකරණයකට: Navier–Stokes, පැරණි ගණිතය, කෘත්‍රිම බුද්ධිය සහ Lacanගෙන් අප නොදන්නා දෙය දක්වා අපි ගඟක් දෙස බලමු. ජලය ගලා යයි. සමහර තැන්වල වේගවත් වෙයි. ගලක් හමු වූ විට දෙපසට බෙදෙයි. පිටුපස කුඩා සුළි ඇතිවෙයි. පළල් තැනකට පැමිණි විට වේගය අඩුවෙයි. ගැඹුර (depth), පීඩනය (pressure), ඝර්ෂණය (friction), දුස්‍රාවිතාවය (viscosity), ගුරුත්වය (gravity)—මේ සියල්ල එකවර ක්‍රියාත්මක වෙයි. අපේ ඇසට පෙනෙන්නේ එකම දෙයකි: ගලා යන ජලය . නමුත් ගණිතයට එය එසේම භාරගත නොහැක. ගණිතය මුලින්ම අසන්නේ: මේ ගලා යන දෙය මට නිරූපණය කළ හැක්කේ කෙසේද? Navier–Stokes සමීකරණයේ සැබෑ විශ්මය සමහරවිට අවසාන සමීකරණය තුළ පමණක් නොවේයැයි මම සිතමි. Newtonගේ F = ma සිට Cauchyගේ stress tensor එක හරහා, gradient, divergence, Laplacian, continuum mechanics සහ අවසානයේ computational mesh එක දක්වා පැමිණෙන දිගු බුද්ධිමය ඉතිහාසයක් එය තුළ සංකෝචනය වී තිබේ. හරියට ශාක බීජයක් මහ ගසක් දක්වා ද ඉන් ඉක්බිති ප්‍රණීත ඵල සහ බීජ සහ නැවතත් ඒ ගමනටම එකතුවන පූර්ණ චක්‍රීය පැවැත්මක් එහි රහසිගත කේතයන් තුළ සඟවා ගෙන ඇති සේ.  මේ ලිපිය ඒ සමීකරණය “solve” ...