Tuesday, October 28, 2014

හකාවති දායකත්ව ඇගයීම්|ගෞරවාදරණීය ස්තුතිය

2014 ඔක්තෝබර් මස 28 වැනිදා
ආදරණීය සහෘදයින් වෙත,
ගෞරවාදරණීය ස්තුතිය
හකාවති කෘතිය පිළිබඳ සංවාදය සඳහා තම කාලයෙන් බිඳක් වැය කර පැමිණි සියල්ල ඉතා ආදරයෙන් පිළිගනිමි.
හකාවති කෙටි කතා ලියන්නට සහ එම කතා සංග්‍රහය මුද්‍රිත මාධ්ය ය වෙත යොමු කරන්නට මා හට අවස්ථාව උදාකර දුන් සහෘදයන් සිහිගන්වන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.
1. හකාවති ලියන්නට මා පෙළඹ වූ බූන්දියේ නිර්මාතෘ තරංග ජයසේන සහෘදයාට
2. මගේ කතා කියවා එහි අඩුපාඩු දොස් දැක මා නිවැරදි කරන්නට පෙළඹුන හෂිත අබේවර්ධන සහ සචී පනාවල යුවලට
3. මගේ හකාවති ලියැවිලි බොහොමයක සෝදුපත් කියවා ඒවා බ්ලොගයට දැමීමට සුදුසු මට්ටමට සකස් කරන්නට ඉදිරිපත් වූ කල්පනා ඇම්බ්රෝස් සොයුරියට
4. මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒමේ දී මට සහෘදාත්මක දෑත් දිගු කළ මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය දෙපලට
5. සියලු මුද්‍රණ කටයුතු වගකීමෙන් කරට ගත් සම ප්‍රකාශන අධිපති සංජීව වඩිගමංගාව සොයුරා ඇතුළු ඩිසයින් සිස්ටම්ස් මුද්ර්ණාල සේවක මඩුල්ලට
6. හකාවති බ්ලොගයේ මෙන්ම හකාවති සංවාදයේ ද සියලු ග්‍රැෆික නිර්මාන කටයුතුවලින් මට උපකාරී වූ ලිෂාන් පුවක්ඕවිට සොයුරාට
7. හකාවති කෘතියේ කවරය නිර්මානයේදී මගේ සිතුම් වටහාගෙන මා සිතැඟි ලෙස කවරය නිමකරවා දුන් සුසන්ත මූණමල්පේ සොයුරාට
8. හකාවති බ්ලොගය කියවා එහි කොමෙන්ටු දමමින් මා දිරිමත් කළ සියළු දෙනාට
9. මුහුණු පොතේ නොයෙකුත් ප්‍රතිචාර දක්වමින් මෙම වැඩසටහන දිරිමත් කළ සියළු දෙනාට
10. හකාවති සංවාදය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට සහය දැක්වූ විද්යුිත් මාධ්ය සහ මුද්‍රිත මාධ්ය සියල්ලට ද
මගේ අවංක ආදර ස්තුතිය පිරිනමමි.
එමෙන්ම මේ සංවාදය මා ලංකාවේ නොමැති අවස්ථාවක සාර්ථකව ඉදිරිපත් කරන්නට උර දුන් බන්දුල ජයවීර-චූලානන්ද සමරනායක-හෂිත අබේවර්ධන-සචී පනාවල-කේ කේ සමන් කුමාර-ලිෂාන් පුවක්ඕවිට-කාංචනා අමිලානි-කසුන් යන සොහොයුරු සොහොයුරියන් ට මම සදා ණයගැති වෙමි.

මීට හිතවත්
ඩෝසන් ප්රී ති

හකාවති වැඩසටහනට දායකත්වය දැක්වූ අය වෙත තිළින ලෙස සුචරිත ගම්ලත් ශබ්දකෝෂ ප්‍රදානය වූ සහෘදයන්

1. පැවරූ කටයුත්තකට දක්වන අතිශය කැපවීම සහ අතිවිශාල නිර්මාණශීලිත්වය අගයනු වස් ලිෂාන් පුවක්ඕවිට

2. භයංකර බුද්ධියේ සහ සෞම්යතශීලි නිර්භීතභාවයේ සුසංයෝගය අගයනු වස් සුසන්ත මූණමල්පේ

3. නිර්මාණශීලි දායකත්වය, ජාලීය මෙහෙයුම් සහ උද්යෝීගිමත් සහභාගීත්වය අගයනු වස් කාංචනා අමිලානි

4. හෘදයංගම කැපවීම සහ සහෘදාත්මක සමාජශීලිත්වය පසසනු වස් චූලානන්ද සමරනායක

5. අගණිත හිතුවක්කාරත්වය සහ හිතට විරුද්ධ කැරලිකාරත්වය පසසනු වස් කේ කේ සමන් කුමාර

0 කුළිය: