Wednesday, July 8, 2009

LISHWISH ගේ අන් සතු (මා) රුව සහ නදීකගේ මට පිෂ්ෂු !


අන් සතු (මා) රුව


මම විඳිමි ඈ රුව
පෙනෙන ලෙස තඹරුව
බිඟු ඇසින්
කරන ලෙද බලකලත් සිතුවිලි
ඇය හටම
කරන ලෙද ආලය හද තුලින්
කෙසේ කරමිද
ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

ලිව්වේ LISHWISH



මෙම නිර්මාණය මට හමුවුනේ ලිෂ්විෂ්ගේ බ්ලොග් සටහනේ ඔහු ගේම නිර්මාණයක් ලෙසය.
මෙ නිර්මාණය මසිතට ගෙන ආ සිතුවිලි කීපයක් සටහන් කරන්නයි මෙ වෑයම.


අන් සතු රුව හෝ අන් සතු මා රුව හෝ අන් සතු මාරුව යන මූලික ත‍්‍රිත්වාකරයෙන් මාතෘකාව තෝරා ගැනීමෙ නිදහස පාඨකයා වෙත පවරා ඇති මෙ නිර්මාණයේ ඇරඹුම ම අභ්‍යාසයක් වෙත අපව යොමු කරවයි.


කවියේ කියැවීම මාතෘකාව මතින් පොදුවේ පිලිගත හැකි තුන් ආකාරයකට විචලනය වේ.
මෙය කවියක ඇති බහුවිධ අරුත් මැවීමේ හැකියාව නිශ්චිතවම ඉක්මවා යෑමකි. මෙබදු වරහන් භාවිතයෙන් අකුරු සහසංයුජතාවයෙන් තැබීම වර්තමානයේ සුලබ සිදුවීමක් ද වේ. එහෙත් මෙ නිර්මාණයේ දී එය වඩාත් චමත්කාරජනක ප්‍රතිකතනයන් උපදවයි.


වචනරුත් සමග සිදුවන විවිධ කියවීම් වලට පෙළඹීමට හෝ යොමු වීමට සාපේක්ෂව මෙ මාතෘකා විවිධාංගීකරණය වීම නිසා සිදුවන විවිධ කියැවීම් කරා යොමු වීම මෙම නිර්මාණයේ ම අනිවාර්යය අංගයක් බවට පත් වේ.


එනයින් මෙම නිර්මාණයේ තේමාව වඩාත් ලං වන්නේ සම්භාවිතා ආකෘතියකටය. එනම් විවිධ අරුත් කෙරෙහි එළඹීමෙ සම්භාවිතා පරාසයක් අක්ෂගත රාමුවක සිට මෙහි කියැවීම විනිශ්චය කරන්නට සිදුවීමයි.


පහසුවට අපි මෙම කවියේ පේලි අංකනය කරගමු.


1-මම විඳිමි ඈ රුව
2-පෙනෙන ලෙස තඹරුව
3-බිඟු ඇසින්
4-කරන ලෙද බලකලත් සිතුවිලි
5-ඇය හටම
6-කරන ලෙද ආලය හද තුලින්
7-කෙසේ කරමිද
8-ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

1-මම විඳිමි ඈ රුව
මෙහි දී කවියා කවියට සමපාත වී ඇත්තේය. කියවීමෙ දී ඈ රුව විදීමෙ යෙදෙන්නේ පාඨකයා ය.

2-පෙනෙන ලෙස තඹරුව
3-බිඟු ඇසින්
මෙ කියවන්නා දකින්නේ නෙලුමකි
එනමුත් ඒ බිගු ඇසෙනි

4-කරන ලෙද බලකලත් සිතුවිලි
5-ඇය හටම
6-කරන ලෙද ආලය හද තුලින්

හද තුලින් ආලය කරන ලෙස බල කළත් ඇය හටම කෙසේ කරමිද ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්...
මෙහිදී කියවන්නා තමන් වෙන කෙනෙකුට නතු වූ හදවතැතිව තම හද තුලින් මෙ වර්ණිත ඇය වෙත ආලය කල නොහැකි බව හගවමින් හිදී.
එය සිදුවන්නේ ද තම සිතුවිලිවලින්ම ය.
තම සිතුවිලි එලෙස තමන්ට බල කරන බව ලිඛිතය.

දැං කවියේ සිරුර පැහැදිලිය.
අප කළ යුත්තේ නිවැරදි හිස මෙයට සවිකර ගැනීමට උත්සාහ කිරීමය. මෙ නිවැරදි හිස සොයා යන ගමන වැටී ඇත්තේ තර්කානූකූල මං‍ පෙතක් ඔස්සේය.

නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද හෝ එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි

අන් සතු රුව
මෙ නෙලුමක් හා සමාන තරුණිය අන් සතුය.
එහෙත්
නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද හෝ එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.
ඇය අන් සතු වුව ද මා අන්සතු වුව ද මෙ ඇය දැකුමින් ලබන ආශ්වාදය මගහැරිය නොහැකිය.
කෙටියෙන් පවසතොත් ලෝකය මවා ඇතතේ මගේ සන්තුෂ්ටියට යැයි මට සිතීම වරදක්‍ නොවේ.

අන් සතු මා රුව
මෙ නෙලුමක් හා සමාන තරුණිය මගේ පෙම්වතිය වුව ද ඇය අන්සතුව ඇත.
එහෙත්
නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද හෝ එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.
මා ඇයට ආලය කළ ද ඇය වෙනස් ආලයක් වෙනුවෙන් මා හැර ගිය ද මෙ ඇය දැකුමින් මා ලබන ආශ්වාදය මග හැරිය නොහැකිය.
තවමත් මා සිතා සිටින්නේ මා අන්සතු බවය.
ඈ සතු බවය.
නමුත් ඈ අන්සතු ය.
ඒ මම ද නොවෙමි.
වෙනකෙකු ද නොවන්නේ විය හැකිය. චතුස්කොටිකයෙන් විසදා ගත යුතු තැනකට විතැන් වෙ. එනමුදු ‍‍භෞතික ලෝකයේ ප්‍රපංචයන්ට චතුස්කෝටිකය අදාල නොවේ.
මෙතැන දී ඇය සහ මා අතර අනන්ත චකී‍්‍රය සම්බන්ධයකින් නිර්මාණය වී කවිය වැසී යයි.
ඇය මා සතු වීමත් නොවීමත් දෙකම එක විට සත්‍ය වෙයි. අර්ධ ලෙස වෙරෝනිකා හමු වීමක් සිදුවේ.
මෙ ලෝකයේ මැවුමෙ අර්බූදය ද මෙය යැයි මට [කවියට] සිතෙන්නේ මන්දැයි දැන් ඔබට තේරැම් යා යුතුය.
කෙටියෙන් පවසතොත් ලෝකය මවා ඇතතේ මගේවත් ඇගේවත් කාගෙවත් සන්තුෂ්ටියට නොවේ යැයි මට සිතීම වරදක්‍ නොවේ.
අන් සතු මාරුව
මෙ ගැහැණු හුටපටය මිතුරන් දෙදෙනකු අතර තරුණියන් හුවමාරු වීමකින් විසදිය හැකි වුව ද එය මා හට කළ නොහැකිය- මක් නිසාද යත් මාරුව අන් සතු බැවිනි.
එහෙත්
නෙලුමක් දෙස බලා සිටිනා බඹරෙකු මෙන් ඇය දෙස බලා සිටිනා මා හට ඇයට ආලය කරන්නට යැයි මසිත බල කළ ද එය කෙසේ කරන්න ද හෝ එලෙස කළ නොහැක්කේ මා හද වෙනත් කෙනෙකු හා පිදූ බැවිනි.
මෙ අවස්ථාව වඩාත් ගැලපෙන්නේ නදීක ගුරුගේ ගෙ ගායනාවකටය
වෙරෝනිකා මට පිස්සු මට පිස්ෂු මට පිෂ්ෂු!

එය වඩා විස්තර කිරීමේ වාග් චාතුර්‍යයක් මා වෙත නොමැතියෙනි ඒ.
මෙ ලෝකයේ මැවුමෙ අර්බූදය ද මෙය යැයි මට සිතෙන්නේ මන්දැයි දැන් ඔබට ද තේරැම් ගත නොහැකිය. කෙටියෙන් පවසතොත් ලෝකය මවා නැත.
මෙ තුන්වන හැකියාව සිදුවීමේ යථාව කුමන භෞතික අවශ්‍යතා මත සිදුවිය හැක්කේ දැයි කීම මා නොදන්නා මුත් නිර්මාණයේ තේමාව නොහොත් මාතෘකාව තුල වරහන් භාවිතයේ ඇති අධිනිශ්චය වීම් කර්තෘට හෝ විචාරකයකුට හෝ පාඨකයෙකුට සීමා පැනවීමෙන් අරැත් සංවෘත කළ නොහේ.

මෙ කවිය හරහා මා ගොඩනගන්නා වූ සම්භාවිතා ආකෘතිය මූලික අවස්ථා තුනකින් සමන්විත වෙ. එහි සිදුවිය හැකි ශක්‍යතාවයන් තව තවත් සොයා යාම මෙ අගයන් විසිරුමෙහි සන්තතිකත්වය ගෙන හැර පානු නොඅනුමානය. මෙබදු නිර්මාණයක් කියවීමේ දී ඇතිවන සංකීර්ණ ස්වභාවයන් ගෙනහැර පෑම මෙ කුඩා ලියැවිල්ලේ අරමුණ වීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙය හුදෙක් මෙම නිර්මාණ‍ය තුල වරහන් භාවිතයේ ව්‍යාකූලත්වය සහ එයින් නිමැවෙන තර්කාන්තයන් ගෙන හැර පෑමට ලියන ලද්දක් ලෙස සැලකීම වඩාත් උචිත වේ.
-ඩෝසන් ප්‍රීති-

1 කුළිය:

Narada said...

නෙළුම් මල දිහා බඹරා බැලුවත් පැණි බීවත් එය ඔහුගේ නොවෙයි, ඒ මල වැදු ජල නිම්නයේත් නොවිය හැකියි. මන්ද එය කෙනෙකු නෙලා ගනු ඇති බැවිනි, ඉක්බිඳිව වුවද ඔහු මලට සුවදැති පැන් ඉස සරසා තවකෙකුට විකුණයි. ඉන් ඉක්බිඳිව ඔහු එය පන්සලට* පුදයි. නමුතු ඒ නෙළුම් මල කාලරූපීව පරවී බුදු ගෙදර සුවඳවත් කර අලංකාරමත් කර පරවී කෙඩෑර වී යයි. එයයි ලෝ දහම, මේ සංසාරේ පුරා දුකාත්මය හා සතුටාත්මක අතර දෝලන වෙමින් ප්‍රේමීය බව වියෝමීය බව අතර සැරී සරන්නට වෙනු ඇති.

*(මට මෙහීදි මැවෙන්නේ දළඳා මාලිගාවයි, මන්ද මාගේ කළුදුල් ඒ ප්‍රේමයේදීද මුලින් එතැන ගොස් නෙළුමක් පුදා පිරිත් නුලකින් ඈ අත සැරසු බැවිනි)