සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා...

අමරදේව ගායනා කරන මේ සුවිසල් ගීතය කසුන්ගෙ හඩින් අහද්දි, මට දැනෙන දේ, අතීත සැමරුම් අස්සෙන් වෑස්සෙන ශෝකී හැඟුමක් වන්නේ මන්දැයි මම නොදනිමි.




සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කදුළු බිඳු ගලා සඳේ තුරු ලතා පුරා
සියොළඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී
මහද වියරුවෙන්

සඳ‍ හොරෙන් හොරෙන්

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසිලසින්

සඳ‍ හොරෙන් හොරෙන්

ඩබ්ලිව්. ඩී. අමරදේව/ප්‍රේමසිරි කේමදාස/කුලරත්න ආරියවංශ

Comments

Unknown said…
මමත් අැහුවා............ වෙනසක්
Anonymous said…
මුල් නිර්මාණය තමයි නියම නිර්මාණය. කුමන නිර්මාණයක වුනත් මුල් කෘතිය තමයි නියම කෘතිය. සීගිරියට වඩා උස, ඊට වඩා ලස්සන එකක් හැදුවත් ඒ සීගිරිය නෙවෙයි. කැළණි විහාරයේ සිතුවමක් ඊට වඩා දහ ගුණයක් විශාල කරලා ඇන්දත් එය අනුකරණයක් විනා මුල් කෘතිය නෙවෙයි. අමරදේවයන්ගේ ගීතයක් වෙනත් ස්වර තානයක පිහිටා 'විලාප දුන්නාට' එය අමරදේවයන්ගේ ගීතයට වඩා උසස් නිර්මාණයක් වානේ නැහැ.
Unknown said…
ෙම්ක අපි අරවින්දත් එක්ක සෑෙහන වීදුරු ගනනක් හිස් කරපු ගීයක් ෙන්ද. මට නම් තිෙයන්ෙන ඉතාමත් පරණ හෘදය වස්තුවක්. පරණ ෙරෙකා්ඩින් එකමයි ඉල්ලන්ෙන
අළුත් එක ලස්සනයි.. පරණ එක විශිෂ්ඨයි.. හිත යන්නෙ නම් පරණ එකටමයි.. ඒත් වෙනසත් හොඳයි.
මිගාර said…
අමරදේවට වඩා වෙනස් හැඟීමක් කසුන් ඇති කර්ටන්නේ. අමරදේවගේ ගීතයක් මෙතරම් හොඳින් ගායනා කිරීම කසුන් කොතරම් දක්ෂයෙකුද යන වග පසක් කරනවා.

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31