අතුරුදන් වී

අනාගතයෙන් ඇවිත්
මා ඉපදෙන්නට නියමිතව තිබූ
කාලයට පෙර
අතීතය ට ගොස්
ඩිම්බයේ ඇනෙන්නට පසාවන්නට තිබූ
ශුක්‍රාණුව උගුලා දමා
ගියා නම්
මා
සැනින්
අතුරුදන්
වේ!

අප මේ ජීවත් වන වකවානුව
ඒ තරම්ම පුදුම සහගතයැ
මේ අප අතර හිටි මිනිසුන්
හිටිගමන් අතුරුදන් වී යයි
ඔවුන් කෑ-බී-ගමන් ගිය-හැසිරුනු
සියලු තැං හිස්ව යයි
කිසියම් දිනයකට පසු
කිසිවෙකුත් ඔහු දුටු බව නොකියයි
කිසිවෙකුත් ඔහු දැක නැති බව කියයි

අනාගතයෙන් ඇවිත්
අප ඉපදෙන්නට නියමිතව තිබූ
කාලයට පෙර
අතීතය ට ගොස්
ඩිම්බයේ ඇනෙන්නට පසාවන්නට තිබූ
ශුක්‍රාණුව උගුලා දමා
ගියා නම්
අපි
දැං
මෙතන
නැත!

ඉතිං තාම
කාල තරණ යන්ත්‍ර
හදා නැතැයි
කියන්නේ කවුද?

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31