වළාකුළු

වළාකුළු
වළාකුළු ඔය තරම් ඉහලට
ඉහල අහසට නැගුනි ද කෙලෙසක
සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්?
වළාකුළු ඔය තරම් ඉහලට
ඉහල අහසට නැගුනි ද කෙලෙසක
සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්?
කඩා වැටෙන්නට එපා අද හෙට
ඉන්නේ අපි තවමත් නිරාවරණව!
ඉන්නේ අපි තවමත් නිරාවරණව!
වළා පටල තිමිරය ඉරා ගෙන
පොළව මතුපිට විසිරි දිය රළ
උඩට එසවී දුමාරය වී
සැඩ හිරැගේ රස්නෙන්ම පමණ ද
ඉහල නැගුනේ ආකාහේ මේ?
පොළව මතුපිට විසිරි දිය රළ
උඩට එසවී දුමාරය වී
සැඩ හිරැගේ රස්නෙන්ම පමණ ද
ඉහල නැගුනේ ආකාහේ මේ?
නැද්ද අප දුක් තාප පීඩා
හුමාලය ලය තුලින් පිට වුන?
හුමාලය ලය තුලින් පිට වුන?
වළාකුළු ඔය තරම් ඉහලට
ඉහල අහසට නැගුනි ද කෙලෙසක
සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්?
ඉහල අහසට නැගුනි ද කෙලෙසක
සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්?
කඩා වැටෙන්නට එපා අද හෙට
ඉන්නේ අපි තවමත් නිරාවරණව!
ඉන්නේ අපි තවමත් නිරාවරණව!
ඊ ඒ ඩෝසන් ප්‍රීති
031009
031009
Comments