ලොස්ට් හයිවේ වෙත-ලින්ච් සහ ලැකාන්: සිනමාව සහ සංස්කෘතික ව්‍යාධිවේදය හරහා
ලොස්ට් හයිවේ වෙත-ලින්ච් සහ ලැකාන්: සිනමාව සහ සංස්කෘතික ව්‍යාධිවේදය හරහා On the Lost Highway: Lynch and Lacan, Cinema and Cultural Pathology by Bernd Herzogenrath Other Voices V1N3 1999 ජනවාරි Copyright © 1999, Bernd Herzogenrath, all rights reserved. පරිවර්තනයකි හැඳින්වීම-මැදිහත් වීම ගැන ඩේවිඩ් ලින්ච්ගේ [David Lynch] සිනමා පටයක් වන ලොස්ට් හයිවේ [Lost Highway] ගැන ලියැවෙන ලිපිය ඇරඹුමේදීම මා සඳහන් කළ යුතුයි ඒ සඳහා ලැකානියානු මනෝ විශ්ලේෂණයේ භාවිතය ගැන. ජොනතන් කියුලර් [Jonathen Culler] වරක් නිරවද්‍යලෙස සංවාදගත කළා මෙවැනි අදහසක්. "සාහිත්‍යය මිනිස් අත්දැකීමේ සමස්තය එහි විෂය ලෙස ගන්නා බැවින් එනම් ප්‍රධාන වශයෙන් මිනිස් අත්දැකීමේ පිළිවෙල හෝ පටිපාටිය - එහි අර්ථ විවරණය මෙන්ම එම මිනිස් අත්දැකීම් තුළ වූ සන්ධීය බව ග්‍රහණය කරගන්නා බැවින් සාහිත්‍ය කේන්ද්‍රීය වු චින්තාවන් අවසාන වශයෙන් විවිධ සෛද්ධාන්තික කටයුතු වලදී නිර්ණායකයන් වීම හුදු අහම්බයක් නොවේ." සාහිත්‍යය සඳහා සත්‍ය වන්නේ යමක් ද එය අනෙකුත් කලා මාධ්‍ය කෙරෙහිද එනම් චිත්‍ර කලාව හෝ සිනමා කලාව තුළ ද එම සත්‍යය පවත්වා ගනී. කියුලර...