Thursday, October 29, 2009

එකම ප‍සෙක සිටිය යුතු උන්


එකම ප‍සෙක සිටිය යුතු උන්

මගේ හදවත රිදුම් දෙයි
කැකෑරෙයි ගත රුහිරු
ඉහිරී යයි සුසුම් පොදි
ඉරි තලයි ඇස් බොඳව යයි

දෙපසක තල්ලු වෙන දෑත්
එකම ප‍සෙක සිටිය යුතු උන්
දෙපසකට බෙදී ඇති සැටි
ඉරි තලයි ඇස් බොඳව යයි

2 comments:

  1. මම මිට ගොඩ කාලෙකට පෙර කවියක් කියෙව්වා පත්තරෙක තිබිලා එකේ තිබුනේ මෙ වගේ අදහසක්

    උබ පන්තියේ පලවෙනියා
    මම අන්තිමයා
    උබ කැම්පස් ගියා
    අට පාස් මම පොලිසියට ගියා
    මම අම්මාට කන්න දෙනවා
    උබ තාමත් අම්මාගෙන් කනවා ‍


    (මට මෙ පින්තුරය දැකලා එ කවාය මතක් උනා)

    ReplyDelete
  2. මට නම් හිතෙන්නේ මේගොල්ලෝ ඉන්නේ එකම පැත්තක අත් අල්ලගෙන ඒත් මැද තියන කහ යකඩ සැකිල්ල මෙයාලව වෙන් කරවන්න හදනවා.. මංදා මට ටිකක් මොලේ විකාර වේගෙන එනවා

    ReplyDelete