Wednesday, February 4, 2009

මී පුප් ලදිම්

මී පුප් ලදිම්

චණ්ඩාල වැද්දා වීමි පෙරදින
ඉලක්කය ගෙන මුදාහැර තල
වෙන් කලේ නුඹ ලිහිණියකගෙන්
තබන්නට පිය බිරිය තනතුර

නොතන අංකුර බීජ නවථල
විඩාපත් විය බිඟුපති රොනලොල
පතිත වන තුරු රශ්මි සඳතුර
වලප්නා සක්වාලිහිණි යුවළද

සමග දිවයුරු නැවත පෙම් රඟ
දවට මියුරස තෙපුල් සියොලඟ
පෙන්වමින් සත් ගවු නියම් දුර
අසබඩව කැළතෙන රාහුමුව

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2006

No comments:

Post a Comment