බීජයක් තබා දෝතින්
සයනය මත
විවර කරමි උළු වහලය
අහසටවළාකුළු තැම්බූ වතුර කැට
ඇද වැටෙන්නට සලස්වමි තෙත බරිත හීනය මත
දළු ලා නොවැඩෙන අඟුරු කැටයක
ධවල පැහැය ඇති කරවන ආදරය
හදවතින් වෑස්සෙන්නට ඉඩ හැර
ජීවය අත් හරිමි ගෙන ආ මෙතෙක් දුර
දිරාපත් වන සයනය මිස
හදවතක් දං දුන් මිනිසෙකු පිළිබඳ
පුරා වතක් නැති බව
දනී දළු ලෑ එ රුක මිහි මත
20/10/2013
No comments:
Post a Comment