Friday, May 17, 2013

ඒ සැඳෑ...

අප දෙදෙනකුට පමණක්ම
හුදෙකලාවේ නිවැසිය හැකි
කුඩා රෙස්ටොරන්ටුවක්
තිබින ඒ සැඳෑවල

අත් වැසුම් පැළැඳි අත්
නෙක භෝජනාදිය පිරිනැමෙන
දියර ගැල්වූ මිහිරි
ඩෝනට්ටු දීසි මතු වෙන
අරුම පුදුම වේවැල් මේසය
දෙපස අප; මැද මල් පොකුරු
අහසේ සැඳෑව ලකුණු කර හිරු
බලා සිටියේ අප නැගිට යන තුරු

අප නැගිට ගිය පසු
හිරු ද බැස ගිය අයුරු පුදුමය...


3 comments:

  1. කාලෙකට පස්සේ... ඒ සෑදෑ.... නියමයි...

    ReplyDelete
  2. සුන්දරයි සුන්දරයි

    ReplyDelete
  3. ලස්සනයි.. ඒ සැදෑ..

    සපු නිළිබඳල ගත හෙළිල්ලබුයකු මන
    මයි දි නෙත තමා මෙ බල
    තම බණවත නොබෙණෙයි.
    (සපු මලක් හා නෙළුම් පොහොට්ටුවක් අතින් ගත් ළදැල්ලක් වන් යුවතියක් තම සිත හා නෙත මට දී තොමෝ මා දෙස බලයි. මා ලවා කතා කරවූවද ඕ මා හා දොඩනට නොඑයි. )
    --සීගිරි ගී-

    ReplyDelete