Tuesday, September 13, 2011

මනෝසීල-හෂිත අබේවර්ධන

'මනෝසීල' මුසා ඇසෙන
විදුලකරේ දොරින් මෙපිට
'රජ රන්' දැක දැක සැනසෙති
ගිනි කණ වැද නුවරුන් කැළ

කොළඹ පාර දිගේ ගලයි
රිය පෙරහර නොලස වෙසින
බාල තෙල් බුදින අස් පෙළ
හති හල හල මග හිට හිට

උඩ ගිණිකෙළි වට සැණකෙළි
පලස් අතුරුවා මහ මඟ
ලාබ කොට බෙදේ දර්මය
පසල් දනව් යට කර කර

නගර ගුත්තිකට හිමිකර
නගර දොරටු හිවි පහ පෙළ
අංගනියේ අංගාණිය
යුහුව තැනෙන බව නොම දැන

තුරු පෙළ තැන තැන බැබළුන
පෙලා නා රුකින් සසොබන
ශෘංගාරය උතුරා යන
සල් පිල් පෙළ නැඟේ රුවට

හෂිත අබේවර්ධන
12-09-2011

No comments:

Post a Comment