වචන ටැක්සියට අලුත් ඇඳුම් අන්දපු ලිෂාන් මල්ලිට ගොඩක් ස්තුතියි. මේ වැඩේ කරල දෙන්නය කියල, පැයකින් දෙකකින් බොහොම උනන්දුවෙන්, දීපු උපදෙස් අනුවම වැඩේ ඉවර කරන්න රෑ නිදි මරාපු ලිෂාන් මල්ලිට මේ පුංචි ස්තුතිය ප්‍රමාණවත් නොවේ. ඒත් ගොඩක් ස්තුතියි මල්ලි!
ලිෂාන් මල්ලි වචන ටැක්සියට ගොඩ වුනේ සුක්කානම පැත්තෙන්. ලයිසන් තියෙන නිසා දැං එලවන්න පුළුවන්...
ජිජැක්ගේ පින්තූර කීපෙකුත් වටේට තිබ්බෙ මා ජිජැකියානුවෙක් වශයෙන් එතුමාගෙ පොතපතින් උගත් දේ මගේ බාහිර සහ අභ්‍යන්තර ගනුදෙනුවල චින්තාවන් වෙනස් කරන්නට බලපෑ නිසයි. ඒක හරියටම කියන්නත් අමාරුයි නමුත් මොකද්දෝ අවිඥානික ඇල්මක් ගෞරවයක් හේතුවෙන් මට හිතුනා එතුමාගේ පින්තූර කීපෙකින් වචන ටැක්සියේ පසුබිම පුරවන්න. ෆැන්ටසියේ මැතීමයත් කොහෙන් හෝ පේන්නට තිබුණා නම් හොඳයැයි මට සිතේ. ෆැන්ටසියේ මැතීමය මා ප්‍රිය කරන්නේ ද ඒ සංකේත මා හට වඩාත් සුපුරුදු ගණිතමය සංකේත බැවින් ඒ හේතුවෙන් මනෝවිශ්ලේෂණයේ ගණිතමය මානය වෙත මා වඩාත් ආකර්ෂණය වන බැවින් නිසා විය හැකියි. ලැකාන් ෆ්‍රොයිඩ්ගෙන් ගොඩක් වෙනස් වෙලා මට දැනෙන්නෙත් එයා මනෝ විශ්ලේෂණයට විද්‍යාත්මක පදනමක් සකස් කරන්න ජීවිත කාලයම කැප කළ නිසා යැයි මට සිතෙයි. කෙසේ වුවත් මේ සියළු ග්‍රැෆික අංගෝපාංග වෙනස් ගොඩක් සංඥා මවන බැවින් ඒවාට ඒවායේ ගමන්වල යෙදෙන්නට ඉඩ දීම වචන ටැක්සියේ අරමුණයි.
දැන් ටැක්සිය ලස්සනයි අයියේ... ආවේණික බවක් තියෙනවා.ඔය අයිය කියපු අයව මෙතුවක් කල් නම් මම ඇඳිනුවේ නැහැ. ඒත් කියල තියන විස්තරයේ හැටියට අඳුන ගන්න වටින මනුස්සයෙක් විත්තිය පේවනවා .... මම කීවේ ජිජැක් ගැන.
ReplyDeleteඅර අන්තිමට ලීව කවියෙ තිබ්බ පින්තූරයේ හිටියෙත් ජිජැක් නේ ද?
අර ලියල තියෙන ගණීත ලකුණත් අපිට දැන ගන්නත් එක්ක , වචන ටැක්සියට දාමු ද?
කලින් කීව වගේ , මේ ලෝකෙ වචන වලට කොයි තරම් දේවල් කරන්න පුලුවන් ද?
ලස්සනයි අලුත් ඇඳුම... විශේෂයෙන් “ සුදු පාට “ ....
ෆැන්ටසියේ මැතීමය ගැන පුංචි සටහනක් ලියනවා ඉඩක් ලද මොහොතක.
ReplyDeleteඔව් ජිජැක් නොවන්නට ලැකාන් ගැන මට අවබෝධයක් ලබා ගන්නට මගෙ ඉතිරි ජීවිත කාලයමත් මදි වෙන්න ඉඩ තිබ්බා...
අලුත් ඇඳුම් ගැන අදහස් දැක්වුවාට ස්තුතියි සොසි...
ඇලුත් ඇඳුම සිරාවටම ලස්සනයි . . .
ReplyDeleteඅර කලින් තිබුනු කළු ඇඳුම මොකද්දෝ හේතුවක් නිසා කියවන්න අපහසුයි වගේ . .
මේක මැක්සා . . .
ළිෂාන් කියන්නේ මාරම කොල්ලෙක් . . . !!
තීම් එක පට්ට ලස්සනයි! උඹ ඉතින් ලියන ඒවා කවදත් මරුනෙ ලොකු අයියේ!
ReplyDeleteරෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙට එන්න http://wrestlingsl.blogspot.com/
ReplyDeleteජීජැක් ගැන සහ මැතීමය ගැන තවදුරටත් කියවා බැලිය යුතුයි. වචන ටැක්සියට මම ආස ඩෝසන් අයියා දාන හැම ටැක්සියකින්ම මට මම නොදන්නා බව එලියට එන නිසා කිව්වොත් 100% හරි. ඉතින් මම ඒක කියවන්න පුරුදු වෙනවා. මරු පේන්ට් එක..
ReplyDelete