Friday, April 29, 2011

අපි හැමෝම තකතීරුවෝ

හදිසියේම මට නම් වැලක් මතක් විය.

මේ නම් වැල මට මතක් වන්නට හේතු වූයේ ගහෙන් ගෙඩියක් එන්නා සේ අනපේක්ෂිතව ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් "ලංකාව" තුළ අක්‍රිය කරවීමට අධිකරණ නියෝගයක් ලැබීමේ අවාසනාවන්ත ආරංචිය ඇසී මොහොතකින්ය. මේවා අතර සම්බන්ධයක් නැත. ඉබේ දේවල් සිතට එයි...

මාලනී බුලත්සිංහල, නිර්මලා රණතුංග, ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්, ග්‍රැන්විල් රොද්‍රිගු, ලෙස්ලි ප්‍රනාන්දු, මාෂල් ජනතා, සුනිලා අබේසේකර, සුනිල් විඡේසිරිවර්ධන...

මේ නම්වැලේ ඉන්නා අය අතරද සම්බන්ධයක් නැත. ඔවුහු කිසියම් කටයුත්තකට එක්තැන් වී ඇත. සමහරු දැං ජීවතුන් අතරද නැත. ඒ අය වාසනාවන්තයැයි මට සිතෙයි.

මේ නම් වැලේ ගැට ගැසී ඉන්නා අය කලකට පෙර අපූරු ගීතයක් සාමුහිකව ගායනා කළහ.

කේමදාසයන්ගේ "කිලර්" කැසට් පටයෙන් අප කනින් අසා ලියා ගත් පදමාලාව මතු දැක්වෙන්නේ එම ගීතයේ ය. දොස් ඇත්තේ නම් ඒ අපේ කන්වල දෝස නිසා මිසක් මෙහි පරිවර්තක විජිත ගුණරත්නයන් නිසාවෙන් නොවේ යැයි දිවුරමු. මේ ගීතය ප්‍රථම වරට නිර්මාණය වන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ජර්මනියේ හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන නිර්මාණය වූ කවියකිනි.


හිට්ලර්ගේ ඇමති මණ්ඩලය


මැති ඇමතිවරු ඇමතිවරු - සීරුවෙන් සීරුවෙන්
පෙන්වා දෙති වැසියනට - ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව රට පාලනය - රට පාලනය
මැති ඇමති වරු සීරුවෙන් පෙන්වා දෙති
වැසියනට ලෙහෙසි නැති පහසු නැති
කාරියක් බව පාලනය රට පාලනය රට
පාලනය රට පාලනය රට

අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත
ගොයම් බීජ අංකුර උඩ අතට නොව - මඩ යටට
ඇදෙනවා සිකුරුයි
දෙයියනේ
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි
සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි

බල ශක්ති පාලනයටත්
නොසිටින්න
ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක්
එන්නේ නැහැ එක අඟුරු කැටයක්
මේ පොළෝ ගැබ තුලින් ඉහළට
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්
ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්

ආගමට සදාචාරෙට වගකියන උතුමන්
ආයු බෝ නොවේ නම්
නිසි කලට කිසි ලඳක් වෙයි ද ගැබ්බර සැකයි
(කට කට කට)

නොසිටින්න යුද ඇමති යුදයක්වත් පුළුවන් ද කෙරුමට
නොසිටින්න යුද ඇමති යුදයාක්වත් කොරාවි ද
ඔය අතර මේ ටිකත් සිතා බැලුවොත් හොඳයි
මහ ඇමති ගේ අවසරය- මහ ඇමති ගේ අවසරය
නොලැබුනෝත් නම් ඉතින්
කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
පායයි ද හිරු දෙවියෝ
කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
පායයි ද හිරු දෙවියෝ
එහෙම වුනොත් නැහැ කිසි සැකයක්
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට
බටහිර අහසින් අගේට
පායාවි හිරු දෙවියෝ
බටහිර අහසින් අගේට

මහ ඇමතිගෙ අවසරය නොලැබුනොත්
ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
නොමැති නම් කොටස් හිමියන්- බිත්ති පුපුරා බිම වැටී
මළ බැඳී දිරා යාවී මැෂින්
වදාරතී නිලදරුවෝ දරුවෝ
නිලදරුවෝ දරුවෝ

භක්තියෙන් වගකීමෙන්
දේව බැල්මක් මහා අසිරියක්
දේව බැල්මක් මහා අසිරියක්
මිනිසා තවමත් නගුල් හැදුවත්
මිනිසා තවමත් නගුල් හැදුවත්
ගොවියෝ නොදනී- කිසිම හසරක්
කිසිම හසරක්
එහෙවු එකේ කැපවී මුළු හදින්
ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
නගුල දෙනවට ගොවියගේ ඔළුවට
නගුල දෙනවට ගොවියගේ ඔළුවට
ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
කොම්පැනි වලට පිං

නොසිටින්න කුඹුරු හිමියෝ කුමක් වෙයිදෝ කුඹුරු යායට
අනේ දෙවියනි හෙලනු මැන නෙත් වී ඉහින කුඹුරු වල
පොල් ගසුත් හිටවාවි ගොවියෝ
රට පාලනය කිරීමත් ඒ තරම් සුළු වැඩක් නම්
කෙස් පැලෙන මත ගෙනෙන
ඔළුගෙඩි මොකට කෙරුමන්ට?

යන්තරය දුවවන්න දුවවන්න
දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
යන්තරය දුවවන්න දුවවන්න
දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
කුඹුරුක පිඟානක වෙනස තෝරා දෙන්න
දන්නවා නම් ගොවියෝ - ගොවියෝ
කොටස් හිමියන් ඉඩම් හිමියන් මිහිමතට තවත් මොකට ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඔන අපට
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට

සිතිය යුතුයි යළි යළි මේ ගැන අපිම
ඇයි රට පාලනය මේ තරමට අසීරු
සූරාකමින් බොරු කියමින් වැජඹෙන්න
යංතම් හරි උගත්කමක් ඕනැ නිසාම ද?
අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට

අපි හැමෝම තකතීරුවෝ
අන්න ඒක නිසා තමයි
කෙස් පැලෙනා මොළකාරයෝ
අතළොස්සක් ඕන අපට

9 comments:

  1. okanam patta album 1kak kiyala wedak ne
    okkoma sindu oyawage ma thamai

    ReplyDelete
  2. sathutu oka ahalathiyan thawa ekkenek wath inna eka gena

    ReplyDelete
  3. 'කිලර්' පටයේ මෙයද තවත් එක් ගීතයක්ද (අරුත මිස වදන් මතක නැත) කලකට පෙර අසා ඇත.

    මෙම ගී පටය දැනට ලබාගත හැකි තැනක් හෝ බාගත හැකි සබැඳියක් ලැබීමට බොහෝ කැමැත්තෙමි.

    ReplyDelete
  4. download karanna thenak nam nee
    magawa thiyanawa
    mama upload karanna danne ne karana vidiyak kiyanna mama dennam

    ReplyDelete
  5. 2009 වසරේ බූන්දි කවි පොත් එළියට දාපු වෙලාවේ මේක රංගනයකුත් එක්ක ඉදිරිපත්කරා මතකයි.

    ඒ කාලේ කියන්නේ යුද්ධ උණුසුමත් එක්ක රාජ්‍ය බලය මුළු රට පුරාම වෙලිලා තිබුණු කාලයක්. සුදු වෑන් කොළඹ පුරා සැරිසරන කොට මේ සිංදුවේ තිබෙන නියම අර්ථරසය ඇඟට දැනුනා එදා...

    ReplyDelete
  6. සියළුම අදහස් දැක්වීම් අගය කරමි. ඇවැසි කෙනෙකුට ඊමේල් කරන්නට මෙම ගීතයේ එම්පීත්‍රී කොපියක් මා හිතවතෙකු විසින් එවා ඇති හෙයින් ඊමේල ලිපිනය දැක්වුවහොත් එය මට එවිය හැකි බව සතුටින් දන්වමි.

    ReplyDelete
  7. සින්දුව(ටික?) නියමයි වගේ....
    @මහිම යන්න http://www.mediafire.com/ එකට තියන ලොකු කොල පාට කොටුවට ඇදලා දාන්න එම්.පී.3 එක ඊට පස්සෙ එන ලොකු කොටුවෙන් තෝරන්න "Add More Files" කියන එක.තොරලා ඉතුරු file ටිකත් ඇදලා දාලා "Begin upload" කරන්න!..අප් උනාට පස්සෙ "goto my files" click කරලා files වල share උඩ click කරලා..share url 1අ මෙතන පෝස්ට් කරන්න අපිටත් අහන්න :P :P...(ඔන්න data limit,speed අරවා මෙව බලලා හොදේ!)

    ReplyDelete
  8. http://www.mediafire.com/?ohdbb0cjjvnr5bq
    http://www.mediafire.com/?1fy5fgzgacjvr77
    http://www.mediafire.com/?xl6d89h9embh2ll
    http://www.mediafire.com/?i6wz151m6j0uaeb
    http://www.mediafire.com/?b4lctybqb1omy87
    http://www.mediafire.com/?fsyrbg5p67s3lj1
    http://www.mediafire.com/?ayfahpgtaxuxaft
    http://www.mediafire.com/?qpqtikw4r5le8mf
    http://www.mediafire.com/?13kn42jr89ck1ch
    http://www.mediafire.com/?sk7pcyqc4a47s28
    http://www.mediafire.com/?xeohb1zqvg19r17
    http://www.mediafire.com/?uhy95ordhy551oe
    http://www.mediafire.com/?7ob70u3nmy83f3e

    ReplyDelete
  9. දයාබර සොයුර,
    බොහෝ කලක සිට සොයමින් සිටි කේමදාසයන්ගේ මේ නිර්මාණය අහම්බෙන් ඇසගැටුනේ සිතට නොනිමි සතුටක් දනවමින්...
    ඊටත් වඩා සතුටු දනවන්නක් වූයේ ‘මහිම‘ සොයුරා එම කිලර් හඬ පටයේ ගීත සියල්ල බාගත කර ගත හැකි යොමුවක් දමා තිබෙනු දැකීමෙනි.
    හැඟීම් දැනීම් නොදැනෙන සිත්පිත් නොමැති සමාජයක වෙසෙමින්, සමාජයේ සැබෑ අරුත ස්පර්ශ කරන්නට සමත් වූ ඔබ වැනි දයාබරයන් ගැන අසන්නට ලැබීම පවා භාග්‍යයකි.

    ඔබට පින් සිදුවේවා .....!

    මම සමීර

    ReplyDelete