හැම ගඟකම ඉරණම
ඇත රුදුරු සළකුණක්
නොයා පසා කර කබොල
නවතින්නට දී අණක්
හැම ගංගාවක්ම
ඇදි ඇදී යත්ම පොළව මත
වැඩි වැඩියෙන් හාරයි එහි
පතුල ගැඹුර වැඩි කර කර
දකිනු රිසිව පොලෝ ගැබ මධ්‍යය
ඛාදනය කර ගං පතුල සිවි ගෙය
ගංගාවෝ ගලා යති
කිසි දිනෙක මහ පොළව මැද නොදැක
හැම ගඟකම ඉරණම
මහ මුහුද පමණිය එහි තරම
පොලෝ ගැබ පලා සැඟවුන
එකම ගඟ නැත තවම ඉපදුනඩෝසන් ප්‍රීති
08/2010
No comments:
Post a Comment