Monday, May 10, 2010

සෙල්මුවා ප්‍රතිමාව


සෙල්මුවා ප්‍රතිමාව
වෙඩරු මෙන් තලා
මතු කරන
ගල්වඩුවා

ගල් කටුව සුකොමලව
රූරා මතුපිට ශෛලමය
පණ පොවයි සෘෂි රුවට
නෙත් තියයි මංගල්ලෙට

දනෝ වැටෙති දණින් සිරිපතුල
නොහැඟ
නොදැන
මිනිසෙකු දෑත් එය නිමැවූ බව!


ඩෝසන් ප්‍රීති
05/2010

No comments:

Post a Comment