Sunday, July 5, 2009

නුඹ සිනාසෙන සඳ පෝලිමක නොනිමි ගිනි කන

කහගැහුණු කරදහියකි නුඹ වත දෙමළ කළු තලෙළුව මත
ලියා ඇත නළල මත දෙමසක පෙර සිට නොහිම් හඩ තලතල
විස්මලන්තය ඇලිස් දුටු එක විට පහරවා දෙටුන් දුහුනන් දවසැර
පා මුල නුඹ මවන ලෙස නොපැකිල දනෝ දෙති වදනිසුර සේ සුරගුර
එද මා සුවෙනි සබඳ නුඹ වින්දද අකැප රසාතල සැප
නොපනත් නොවෙමි මා හද උපතින් සිහල ලේ ලද වුව
එනමුත් දැවෙයි මා හද කිමද කාරණ නුඹ මෙ කප අග ලද විණ
දැවෙයි මා සියොළඟ නුඹ සිනාසෙන සඳ පෝලිමක නොනිමි ගිනි කන

ගාම්භීර ආකාහේ උදාවන හිරැ රැස් දහර යට කඳවුරේ
දෙමළ කළු තලෙළුව දියව උදුල වනු ඇත මතු දින සඳසේ
නූඹ කළු තලෙළුව පිලිස්සී එදින සැබෑවනු ඇත පැතුම් දෑ නුරේ
දෝත නගා එනු මැන නුඹත් තල එළළුයි එකලට මෙ මනුපුරේ

ඩෝසන් ප්‍රීති
05-07-2009

No comments:

Post a Comment