දුම්වැටිය දල්වන්න
ඈත ආකහේ රන්පාට ඉරෙන් ගින්දර ගන්න
පියාඹලා යන මොක්කුන්ද කුරුල්ලෝ වගයක්
ගිනි කුරුල්ලෝ...වෙන්නැති
හදිසියේ පෝරමිතියස් මෙන්න
ගින්දර අරං ඇවිත් මා ඉස්සරහම
දල්වගෙන අලියා ගිනි කූරක්
දෙවියො වෙන්නැති අර ඈත ඔරවන් ඉන්නේ
ඈතින් කඳු මුදුනේ...
ඔවු දෙවියො තමයි
තරහයි මට ගින්දර දුන්නට
අන්න පෝරමිතියස් ගිජිකුළු පව්වෙ
දම්වැල් ලා ගැට ගහලා
දෙයියො දඩුවම් දීලා ප්‍රොමිතියස් ට; අහිංසක
මම දුම් වළලු මැදින් දැක්කා
අර ගින්දර සොයා ගිය ගිනි කුරුල්ලෙක්
පෝරමිතියස්ගෙ අක්මාවට කොටනවා
මහ මෙරත් නො ඉවසන දඩුවමක්!
ගින්දර දුන්නට ස්තුතියි පෝරමිතියස්
මම මගේ පෙණහල්ල තවනවා
උඹ අක්මාව දන් දුන්නට
මගේ ගින්දර අවුලන්න
උඹ ගලක් උඩ වැතිරිලා
ගිනි කුරුල්ලන්ට අක්මාව කන්න ඇරලා
වෙදනාවෙන්
මගේ නිදහස ගැන උදම් අනනවා...
මම විතරක් නිදහසේ ඇවිදිනවා
තාමත් දුම් බොනවා...
ස්තුතියි පෝරමිතියස් !
අපි දෙන්නම
එක වගෙයි...
ඩෝසන් ප‍්‍රීති 200904
කවියෙ වචන අල්ලාගෙන කියෙව්ව නිසා මට මුලදි හරියට නොතේරුණත් පසුවයි මට තේරුණේ. අතිතයත් සමඟ බැදී අදත් දකින ඒ ගින්දරේ මලයක්නේ. නියමයි කවිය, මට මැවි පෙනුණේත් චිත්‍රපටියක දැකි දර්ශණයක කන්දක් උඩින් ඈත රෝමය පේන මානේට ඒ උඩින් කවියේ කියන දේ සුදුවන අයුරටයි. :)
ReplyDeleteකවිය කියවලා හිතින් ගොඩාක් දුරට ගියා කීවා නම් නිවැරදියි.
ReplyDeleteමට ෆිල්ම් එකක වගේ ඔයාගෙ කවිය එකින් එකට මැවෙනවා.
ප. ලි.
මේ වගේම දුමක් දාල ඒ දුම ඈත්වෙලා යනවා වගේ අපේ හිත් වල තියෙන දේවලුත් ඈත් වෙලා යනව නම්?
Gindara dunnata danduwama ekanam gelignite hoya gatta ekata monawada karanna ona
ReplyDeletenice post!
ReplyDeletekeep it up !!!!!!!!
පුදුම නිදහසක් ඇත්තට ම!!
ReplyDeleteමේක sigga කේස් එකක් නෙමේද බං? මට තේරෙන්නෑ වගේ
ReplyDeleteහරිම කදිමයි
ReplyDeleteYour blog keeps getting better and better! Your older articles are not as good as newer ones you have a lot more creativity and originality now. Keep it up!
ReplyDeleteAnd according to this article, I totally agree with your opinion, but only this time! :)