Wednesday, November 5, 2008

පොතකින් - පියෙද්රා ගගබඩ හිඳ මම වැලපුනෙමි

අනෙකා කවුද ? ඔවුන් අහනවා

මම කවුද කියන එක නොවෙයි මම වෙන්න ඔන කවුරුන්ද කියන එක මට ඉගැන්නුවෙ අනෙකා. මහලු වියේදි කුසගින්නේ නොමැරී ඉන්න නම් තරම් මුදල් සෙවීමෙ මාර්ග ගැන හිතමින් අපි අපේ මුලු ජීවිතයම ගෙවන්න ඔන කියල අනෙකා විශ්වාස කරනව. ඉතින් අපි මුදල් ගැනත් ඒවා හම්බ කරන්න ගහන සැලසුම් ගැනත් හුගක් හිතනව. අන්තිමට අපි ජීවත් වෙනව කියල අපිට දැනෙන්නේ අපි මෙ ලෝකේ ජීවත් වෙන කාලය අවසන් වෙගෙන එනකොටයි. ඒත් එතකොට අපි හොදටම ප‍්‍රමාදයි.

එතකොට ඔයා ? ඔයා කවු ද ?

මම මෙ නිකම්ම මගේ හදවතට ඇහුම්කන් දෙන අයගෙන් එක්කෙනෙක්. ජීවිතයේ ආශ්චර්යයෙන ප‍්‍රමෝදයට පත් වුණු කෙනෙක්. ආශ්චර්යය විශ්වාස කරන ඒ වගේම තමන් කරන දේ ගැන උද්යෝගය හා ප‍්‍රමෝදයට පත් වුන කෙනෙක්. බලාපොරොත්තු බිඳ වැටීම් වලට බය වෙලා අනෙකා හරියට කි‍්‍රයාකරන්න මට ඉඩ දුන්නේ නෑ.

පියෙද්රා ගගබඩ හිඳ මම වැලපුනෙමි

1 comment: