Friday, July 6, 2012

තාත්තා


















රවි ශනි කුජ බුධ බහස්පති
විශ්වය පීරූ සොඳුරු තරුපති
සුබ නැකැත් ප්‍රවේසමෙන් තෝරා
සුබ සෙත සදා දුන් තාත්තා
ඉහළ නැඟි මිනිසුන් දැක
බිම ඉඳන් සැන සෙන්නැති

අම්මා ගෙ දෙස්‍ දෙවොල’තර
කප්පරක් අළුත් පොත් පත්තර
ගේ පුරා කඳු ගැසූ තාත්තා
පොත පතින් ආතුර
අකුරු සොඬ වැඩුණු දරුවන් දැක
තනියෙන් ම හිනැ හෙන්නැති

අතමිටෙහි කාසි නො රන්ඳා
දෙපාරක් නො සිතා
දෝතින් ම බෙදා දුන් තාත්තා
කාගෙවත් හිත නො රිද්දා
දෙපාරක් සිතා
හොඳ වචන ම බෙදා දුන් තාත්තා
පිටව යන පිපුණු හිත් දැක
විසල් හිත පහන් ‍වෙන්නැති

තාත්තා - මේ තරම් හොඳ හිත ඇති
ආයෙමත් නෑවිත් ඉන්න විදියක් නැති
දරු මුණුපුරන් දුක පිරිපත අසා ගෙන
එන්න ඕනැයි හිතා ගෙන යන්නැති


මහේෂ් මුණසිංහ
2012 ජුනි

4 comments:

  1. ලස්සනයි! අන්තිම කවියට මම ගොඩක්ම ආසයි!

    ReplyDelete
  2. ලස්සනට තියෙනවා හොද කවි ටික...

    ReplyDelete
  3. හ්ම්....ලස්සනයි..

    ReplyDelete
  4. අපූරු කවි පෙලක්..

    ReplyDelete