සීතලට අපමණ පෙම් කළ
මගේ වියපත් චර්ම වහන්තරාව
ඇගේ උණුසුම් ඡවි කල්‍යානයෙන්
හිරි වැටී ඇත-නිර්වින්දනය වී ඇත
හැව හැරී නාගයෙකු සේ
මා ඉඳී සයනයේ උඩුකුරුව
ජීවිතය දිස්න දේ
දහදිය දිගේ පපුතුර
නිර්වින්දිත සිරුරු මස තුළ
ඈ අත පොවන්නී ගැඹුරු තැන් වෙත
ධමනි-ශිරා-කපාට හරහා
ඉසියුම්ය ඈ සියුමැලි නිය
හදවත හරහා ඇනී තිබූ
දඩු කටුව ඇද දමා
ඈ හති අරින්නී
මා අසල නිදිවර්ජිතව...
10/02/2012
කටු ඇද දමා සුවකොට
ReplyDeleteතවත් පෑරිය මනා වේ
කවි ගලන
මෙන් නිතර
ඈ ඇනස්තීසියා නම් වන්නී......
ReplyDelete