Wednesday, October 5, 2011

දල්ලක් නැගෙයි

දැල්ලක් ලෙසින්
දල්ලක් නැගෙයි

ලැව් ගින්නක වුව ද
මල් කැකුළක්
ඉතිරි විය
හැකියි

නිසි
කල ට
පීදී

රිසි
ඵල
පුදනු ඇත

එක මලක් වුව
එය
කඩදාසි මලක්
නොවේ නම්...

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. බලාපොරොත්තු
    ඇමීබාවන් මෙන්
    දෙකට බෙදෙමින් උපදින

    සංසාරය
    ඇමීබාවන් දෙකට කපන
    ඉන් අප ජීවත් කරන

    අනන්තය
    බලාපොරොත්තුව ඉටුවන
    සංසාරය ම නවතින

    එහෙත් කිසිදා නොම එන

    ReplyDelete
  3. ඔව් නේ කඩදාසි මල් මොකටද...

    ReplyDelete
  4. කඩදාසි මලුත්
    පීදෙන අපූරුව
    සාරවත් බිජුවට
    දරා සිටියා ‍වගේ
    පෙනේද අර
    විපරීත භූමියේ..

    ReplyDelete
  5. මේක නම් ඇත්ත ඩෝසා . .
    ඒත් සජීවී මල් කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න මලුත් කඩදාසි මල් කියලා ටික කාලෙකින් ඔප්පු කරලා පෙන්නුවාම හිතට දැනෙන දුක .. ?
    ඒත් අපි බලාපොරොත්තු නැති කර නෙගෙන ඉමු මචෝ . .

    ReplyDelete