නිමිත්ත: ආලෝකයේ වේගය ඉක්ම වූ නියුට්රිනෝ අංශු
අඳුර කොතරම් වේගෙකින්
ඒ ද අප වෙත?
කවුරුවත් ගණන් හැදුව ද
ඝණ අන්ධකාර උමං නල තුළ?
රාත්රියටත් පෙර
හිරු නිවෙන්නටත් පෙර අහස කෙළවර
අඳුර එන හැටි ජීවිතය ඇතුළට
කිසිවෙකුත් ගණන් බැලුව ද?
වළාකුළකට වැසෙන්නට පෙර
හිරු කෙඳිති සීරා වැටෙන්නට පෙර
අඳුරු සේයා පතිත වන යුර
කවුරුන් හෝ දෑසින් දුටුවෙද?
නියුට්රිනෝ අංශුවකටත් වඩා වේගෙන්
අඳුර පතිත වෙයි කොළඹ අහසින්
04/10/2011

ඒකෙ වේගය හොයනව තියා ඒක එහෙම ගලා ගෙන එනව කියලවත් දකින්න, පිළිගන්න වගකිව යුතු කව්රුත් නෑනෙ.
ReplyDeleteඅඳුර අප තුළම උපතේ සිට පවත්නා වූ දෙයකි. ආලෝකය අප වෙත පැමිණෙන තෙක්.
ReplyDeleteශිෂ්ටාචාරගතවීම ලෙස කෙටියෙන් පවසන්නේ එයයි. :)