Monday, October 11, 2010

ගොනෝරියා වුවද...[18+]

ගොනෝරියා වුවද...



ශිෂ්ණය මත රූටා යන
සුදු කැරපොත්තා
සිය සියුම් පාද ස්පර්ශයෙන්
නිමවා මනස් සිතුවම් තුනු විල
විසිරී යයි ශුක්‍ර ධාතුව
බීඑම්අයි සී එච් ඉදිරිපස
වතුර මල ලෙස
උත්සව දවසට ඉහිරෙන

ශුක්‍ර ලා‍ටු මැද ඇලී සිය අඩු
කැරපොත්තා ගාටයි
බිම
ඇදි ඇදි මරණය අභිමුව
අතැතිව ටිප් එක

සුරතාන්ත නිමවැ
අහ්ලාදයකි පුස් ගඳ වුවද වටපිට

අහෝ ශීතල තාරුණ්‍යය!
නැත ගැහැණියක සතපන්නට
පොලිතින් ලූ බූරු ඇඳ මත

බිත්ති දිගේ අහුමුළුවල
සැප දෙන කැරපොතු සියුම් පාද මිස
සම්භාහනය පිණිස ඇති
තවත් මේ මලකඩ සිරුරු එක දිගටම

පෝලිමේ එත යත
කැරපොතු ලාටු තැවරුණු
ඉදීමි ගිය ශිෂ්ණ මුණ්ඩ
රෝහලේ මැසිවිල්ලේ ලතවන

"ගොනෝරියා ද යකුනි මේ
අනිමු ඉන්ජෙක්ෂන් පුක දෙපස
දෙන්න තොපට හොඳම පාඩම"
ඩෝස් ඩෝස්
දොස්තර ඇස් ගිනි පුපුරු විසිරෙත

"අහෝ දොස්තර සබඳ!
නැත එවැනි අනුරාගික කැඳවුම
ගණිකාවන් අධික වියදම්ය
යන්නට සිදුව ඇත්තේ එබැවින
කැරපොතු ගුහාවට ය සෙයිලම"

මේ කැරපොතු ඛේටය
අවුලුවා ඇත මුණ්ඩය
කැරපොතු කෙල හැලියේ වණයට
තරග දෙන
ගොනෝරියා වුවද
සැපතකි එක අතකට

ඩෝසන් ප්‍රීති
10/2010

4 comments:

  1. මිදී නිසල් සක්මනින් ප්‍රවේග ගමනක යෙදී
    මිදී සොඳුරු ප්‍රේමයෙන් සංකර ආලෙක බැඳී
    මුක්ත වී එ සැලකුමෙන් පරිභවයට මුහුණ දී
    උන් ලොව පෙරැළමින් යයි කණපිටට ම දිනුම දී

    හිරු එළියෙන් උදම් නොවී පහන වෙතට පියඹා යන
    නිලංකාර ආලෝකය සුරපුරකි'යි සිහින මවන
    රිවි කිරණින් සොඳුරු නොවී පහනට ජීවය පුදදෙන
    මේ නම් පළඟැටි පුරයකි පළඟැටියන් ලොව රජයන

    ReplyDelete
  2. පට්ටම කවියක්....

    ReplyDelete