Sunday, January 17, 2010

සේකර සේකර සේකර!

සේකර සේකර සේකර !

මම නුඹව සොයමි
ලොකු හදිස්සියක්!

කොහෙද තිබ්බෙ
අන්තිමටම හෙට ඉරක් පායයි?
ඇඳේ අයිනෙද
ගෙයි මුල්ලෙද
නැත්නම් කොට්ටෙ යටද
රාක්කෙම ද
මතක නෑ මතක නෑ අයියෝ සේකර!

මට මේ පොත් මතක් වෙන්නෙත්
සේකර සමරුව ලං වෙද්දිමයි
මොනව හරි ලියල දාලා
සේකර නුඹ අනුස්මරණය කරන්න
කවි ටිකක් ඔබලා ඔබලා පල් හෑල්ලක් ලියලා
අත සෝදන් දුවන්ට
බලු පොරයට

මේ සේකරල අත්වල තවරන්
කොහොමද දෙයියනේ මේ බිස්නස් කරන්නේ
විකිණෙන්නෙත් සුපිරිසිදු රාත්තලටමයි
සේකර නොදැක්ක වගේ හිටහන්

කොහෙද තිබ්බේ අන්තිමටම සක්වා ලිහිණි?
දෙයියනේ මේ ඊයෙත් දැක්කා මේසෙ උඩ
කවදද අන්තිමට නොමියෙමි කියෙව්වේ
ඔව් ගිය සතියෙ හොඳට මතකයි
පහුගිය දාම යව්දිව් මතක් වුනා
මිනී පෙට්ටි මුදලාලිත්

කවි අස්සෙන් ව‍ටපිටාවේ
හිදැස් ඇතුලෙ මළකුණු

ඡන්දෙකුත් තියෙනවා සේකර
මේ දවස්වල ලක ලෑස්ති වෙන
ඒකයි සේරමල මරා ගන්නේ
සේරමල පරාද වෙන ඡන්දයක් මේක සේකර
අපි ඔක්කොම පරාදයි සේකර

ඒත් මම රහසක් කියන්නම්

මමත් පොඩි ගාණක් සොයා ගත්තා
විනාඩි බාගෙක බොරුවක් කියලා ටී වී එකට
සේකර
මේව මහ බලු වැඩ
ඇත්තටම බල්ලොවත් නොකරන වැඩ
කරන්න දෙයක් නැහැ සේකර
මේක පශ්චාත් නූතන සංස්කෘතික තර්කණය!
රෙද්ද!!!

හුංගම මළ ගෙදරත් රිංගා ගෙන යව්දිව්ලා

*පිරෙන්ඩ එපා මෙතන
කරුණාකර අයින් වෙන්ඩ
අඩා දොඩා වැලපී දැන් පලක් නොමැත
මරණය කොයි කාටත් උරුම දෙයක්

දෙයියනේ මරණය
නොමියෙමි කාලෙට වඩා
දැං ලාබයි සේකර!

අදත් ඇහුවා ඔන්න
මරා දමලා ආණමඩුවේ
කොයි පැත්තේ වුනත්
මිනිස් ජීවිත ලඹ දෙන පොළවට

සේකර
අපි
පණ පිටින්
මැරිලා ඇතුලින්
"නුඹ මැරිලත් පණ පිටින්"
ඔව් වොව් එහෙම කියලා
උඹව උඩදාලා අපි සුවෙන් ඉන්නවා සේකර
ආයෙම වැටෙන තුරු ඊළඟ ජනවාරියට!

ඊ ඒ ඩෝසන් ප්‍රීති
160110
*මහගම සේකරගේ නොමියෙමි කාව්‍යයෙන් උපුටනයකි.

6 comments:

  1. Deiyane Sekara,
    Obata wadipurama apahasa karanne Radawana, Thunmanhandiya...
    Mama giya langadi dawasaka...
    Makadala "Mahagama sekara Vidyale" thaappen obe kavi okkoma...
    Chithra wagayak andinnalu...
    "Ballo marala ..hari salli hoyana"
    la laa la laa babaalaa
    kade yawanawa api okkoma...
    bassata oba sandaluthalen epa wela e okkoma
    meyala nam bahinne ne
    api mehe "kalaawa" hoyanawa
    pana daagena...

    ReplyDelete
  2. http://mahagamasekera.org/
    This domain expired on 2009-12-13

    බලන්ඩ, සේකර ගැන අය මේ අය වඳ වෙනා හැටි!

    ReplyDelete
  3. සේකරයන් ගැන මමද සටහනක් තැබුවෙමි. සේකරට ආදරය කරන පිරිසද බොහොය. මගෙ ජිවිතයටද සේකර විසින් යම් හැඩයක් ලබා දෙන ලදි. බොහො මිනිසුන්හට සෙකරයන් මතක් වන්නෙ ජනවාරි 14 වෙනිදා කිට්ටු වෙනකොටය. සෙකරයන්ට ආදරය කරන පිරිස හදුනාගැනිමත් සතුටකි.සෙකරයන් නිසා බොහො තැන් මගහැරුන බැවින් මම සේකරයන්ව මගහැරිමට තිරණය කළෙමි.

    ReplyDelete
  4. නියමයි :D

    ReplyDelete
  5. හරිම ලස්සනයි,

    මම කැමතිම සේකරයනන්ගේ කවිය

    "ඔබ හිනැහෙන විට මුලු ලොව
    ඔබ සමගින් සිනාසෙයි
    ඔබ වැලපෙන විට මුලු ලොව
    ඔබ අතහර සිනසෙයි.."

    සි.එස් බණ්ඩාරනායක

    ReplyDelete