"රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවෙ"
"පැනොරාමා"වට ඇදෙමි මම
"වර්ජීනියා"ගේ මුවින්
ඇගේ "බොක්කෙන්ම"
--------ස්වරාලිප්ත වන ඒ සුමධුර හඩ අසන්නට
මගේ කන්පෙති සසලවාගෙන
--------කන්බෙර පතුලටම දෙදරවාගෙන කඩා හැලෙන
--------ඒ මධුර ස්වර වැස්සේ තෙමෙන්නට
හදවතේ තවත් ඈතක
--------පය නොගැසු ඉමකින් එන
--------ඒ අලුත් ප්‍රේමාතුර සුසර කම්පනය; අනුනාද වන
--------------මගේ නෙතින් පොලා පැන
--------------ඇගේ නෙත් වෙත ආසක්ත වන
පොපියන දෙනෙත් බිගු රෑන් රෑන් ගලා යන
පැනොරාමාවෙ මහා ඉඩකඩ අවකාශය
අපේ සංඥා එහෙ මෙහෙ දුවන
ඇස් කන් හදවත් අවකාෂයේ තැන් තැන්වල
-----------------------------------------ටැග් ගැහුන
මෙ රොමැන්තික
ශබ්ධ ගන්ධ රූප විසූක දස්සන ධාරණ මණ්ඩලය මැද
සුපේශල වෙමි
"ලංකාවෙ තත්වෙත් හොඳ නැත;
මෙහෙ, මෙහෙම ගායනාවක් අසන විට
ඒවා මතක් වන්නේ ද නැත;
හැමදාම කොයි දේත් නැතිය"
වටපිට මුඛරි කටවල්
-------------------මගේ දැහැන් බිඳියි
වර්ජීනියා ජොබ් එකක් කරන බව සිතමි;
-----------------------නැහැ ඇය ගයන්නේ මටම යැයි සිතමි
මම මගේ කුලිය ගෙවා
මධුවිතකට පැමිණි බව සිතමි;
-----------------------නැහැ, දෛවය මා කැඳවා ඇතැයි මෙතැනට සිතමි
මියැදෙන ඉපැදෙන
ආදරයේ කලල
සදාසුරකින පිරමිඩය
ඊජිප්තුවෙ නොව
පැනොරාමාවෙ
අලුතින් සදන්නට
"රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවෙ"
ඩෝසන් ප්‍රීති
200905