Tuesday, April 7, 2009

"කුහක ගැහැණුන්ගේ... උන්මාද නෙතු අතරෙ..."

"කුහක ගැහැණුන්ගේ... උන්මාද නෙතු අතරෙ..."

නැතිය මෙහි මහ දොළක්
මහ එකා ඇඳ උඩ කලක්
දරුවන් ද දෙදෙනෙකි
උන්ට ද සාගිනි දැනේ


රගමි සුරතාන්ත කෝලමක්
ඇගත් විකුණන තව දෙයක්
එන එකා සිතන්නේ
මෙ කෙලිය මට ද උන්ටම සේය


බඩ උඩ රගන උන් හට
ඉක්මනින් හමාරය ලකුණු කරනට
රගමි සුරතාන්ත කෝලමක්
කරන්නට වෙන දෙයක් නැත මහතුන්

රැයක අවසන දේ මහ දුකක්
තුනටිය ද කැලතුණු විලක්
බෙහෙත් බොමි නිබඳ
මසිරුරම ගිනි ගොඩක්
එන එවුන් එය නොදනිතත්
සියළු ශිල්ප පෙන්වති මටත්
මෝදක ද ගිල දමා'වුත්
වරු ගණන් කෙලිනට ලොලේ


ඈ පවසනු මට නොඇසේ...

"කුහක ගැහැණුන්ගේ
උන්මාද නෙතු අතරෙ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පල ගැනුනේ


'නීනා'
ඔබෙනි පල ගැනුනේ


'හනිලින්'
ඔබෙනි පල ගැනුනේ


'නතාෂා'
ඔබෙනි පල ගැනුනේ


'මරීනා'
ඔබෙනි පල ගැනුනේ..."



ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
200904

6 comments:

  1. මේ කතිකාවේ රන්බණ්ඩා සෙනෙවිරත්නගෙන්, රත්න ශ්‍රී විජේසිංහගෙන් පස්සෙ තවත් එක් මානයක්. හරිම කාව්‍යාත්මකයි වගේම භාෂා ශෛලියෙන් එහි ඇති කර්කශක බව ඉස්මතු වෙනවා.

    ReplyDelete
  2. ela. wadinawa kudu wenna.

    ReplyDelete
  3. අපූරුයි! කපුගේ හිටියනම් පහක් දානව!

    ReplyDelete
  4. කියලා වැඩක් නෑ.. මෙික නමි හරිම අපුරු නිර්මාණයක් !!

    ReplyDelete
  5. ammoooooooooo.......... adenawa....

    ReplyDelete