Monday, March 16, 2009

ත‍්‍රිකුණාමලය පැත්තේ සිදුවීමක්...

ත‍්‍රිකුණාමලය පැත්තේ සිදුවීමක්...

වයස විසිතුනක තරුණයෙක්

එෆ් එම් නාලිකාවක් ඇරඹීමට බලපත‍්‍රය ලබා ගැනීමට සල්ලි සොයා ගන්න පළමු වසරේ ඉගෙනුම ලබන දැරිවියක් පැහැර ගෙන ඇත්තේ රුපියල් කෝටි තුනක කප්පමක් ලබා ගැනුමටය.

ඔහු දැරිය මරා දමා පොහොර උරයකට දමා ඇත්තේ කප්පම් ලබා ගත් පසුව දැරිය තමන් ඇතුලු කල්ලිය ගැන දෙමාපියන්ට පවසාවි යැයි සිතුනු හෙයිනි.

අධිකරණ වෛද්‍යවරයා කරා සැකකරු රැුගෙන යද්දී ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ ගෙල සපා පැන යන්නට උත්සාහ කරද්දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත.

මිය ගිය තැනැත්තා
ජනසන්නිවෙදනය පිලිබඳ උපාධියක්
සහ
පරිඝනක මධ්‍යස්ථානයක හිමිකරුවෙකි.

මෙවැනි මිනිසකු නිර්මාණය කළ

අධ්‍යාපන ක‍්‍රමය
සමාජ ක‍්‍රමය
ආර්ථික ක‍්‍රමය

අපි ප‍්‍රශ්න නොකර

මිය ගිය දරුවා ගැන ශෝක වෙමු
මිය ගිය අපරාධකරු ගැන සතුටු වෙමු
අපේ දරුවකුට එවැනි ඉරණමක් අත් නොවෙවායි ප‍්‍රාර්ථනා කරමු.

මෙවා සියල්ල කොතරම් භයානක විහිළු ද?

මොහු අරඹන්නට යෙදුනු එෆ් එම් නාලිකාව කුමන ආකාරයේ එකක් විය හැකිව තිබුනා ද?

දිවයිනෙ නිවුස් එක මෙතනින්...

ලංකාදීපෙ නිවුස් එක පින්තූරත් එක්කම මෙතනින්...

7 comments:

  1. අද පත්තරේ තියනවා මේ පුද්ගලයගේ දේහය ඔහුගේ දෙමවුපියන් ප්‍රතික්ෂේප කල බවත් එය රජයේ වියදමෙන් වල දමනා බවත්.

    ReplyDelete
  2. මෙවැනි මිනිසෙක් නිර්මානය කල
    අධ්‍යාපන ක්‍රමය,ආර්ථික ක්‍රමය ප්‍රශ්න නොකර අපි මිය ගිය දැරිය වෙනුවෙන් හඩා වැලපෙමු.
    - well said!

    ReplyDelete
  3. මහ කාලකණ්ණි වැඩක්. ඒ සිද්ධිය ගැන මමත් මගෙ බ්ලොග් එකේ සටහනක් තිබ්බෙ ඒ තරමට ම හිතට වැදුන නිස යි.

    ReplyDelete
  4. හරිම කණගාටුදායක සිදුවීමක්. :S

    ReplyDelete
  5. මෙවැනි මිනිසෙක් නිර්මානය කල
    අධ්‍යාපන ක්‍රමය,ආර්ථික ක්‍රමය ප්‍රශ්න නොකර අපි මිය ගිය දැරිය වෙනුවෙන් හඩා වැලපෙමු.

    really true....

    ReplyDelete