Thursday, January 22, 2009

තාප්පයට මුත‍්‍ර කරන නැටුම

තාප්පයට මුත‍්‍ර කරන නැටුම

නගර බිහි දොර
වටදාගෙය පවුර පාමුල
ඩෙනිමක් එකම රිද්මයකට
දෙපැත්තට පැද්දෙමින්
මුත‍්‍රා කරයි

රිද්මය
තාලය
වෘන්දය
විරිත
ශ‍්‍රැතිය

සියල්ල ඇත

මුත‍්‍රා බහුවලය
දෙපැත්තට
සයිනාකාර හැඩයෙන්
සරල අනුවර්තී චලිතයේ

කන් පෙත්ත මත දිලෙන
බ්ලූටූත් කර්ණසංඛය

ජිවිතයට ඇවැසි
රමණිය රිද්මය සපයන
යුධ මද කිපි ගිනිලන
වට පිටක
සිය බර හෑල්ලු කරවන
මුත‍්‍රා නර්තන...


ඊ ඒ ඩොසන් ප‍්‍රීති
20090122

2 comments:

  1. mal leee Hondaiiiiii... katahiii....

    Goood

    ReplyDelete
  2. Ajoowa muthraa paarak lassana kaviyakata harawa thibena hati lassanai. :-)

    ReplyDelete