tag:blogger.com,1999:blog-7379022571626077035.post1969193263757734077..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: උපකල්පිත සුබ නව වසරක් !ඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7379022571626077035.post-78133237041039296532009-04-14T23:29:00.000+04:002009-04-14T23:29:00.000+04:00පිටස්තර මල්ලි
ඔබගේ අදහස ඉතාම නිවැරදියි. එය මම ද එ...පිටස්තර මල්ලි

ඔබගේ අදහස ඉතාම නිවැරදියි. එය මම ද එකහෙළා පිළිගනිමි. ඒ අරභයා විවාදයක් නැත.

නමුත් මෙ පවතින ක්‍රමය ඔබටත් මටත් වඩා දැවැන්තයි. දීනයි. එනිසා යහපත් දෙය වෙනුවට ඉදිරියට එන්නේම අයහපත් යෝජනාම පමණයි.

ඒ මෙම බල දේශපාලන ව්‍යාපෘතියේ ලක්ෂණයක්. මෙම පුවිවි ඉල්ලා සිටින හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින අයවලුන් මෙම බල දේශපාලන ව්‍යාපෘතිවල කොටස් කරුවෝයි.

දැන් මා කතා කරන්නෙ මෙ බ්ලොග් අවකාෂයේ හමුවන අතලොස්ස ගැන නොවෙයි. ඒ අය බොහෝ විට නියෝජනය කරන්නේ මා විසින් මගේ පළමුවන ප්‍රතිචාරයේ දක්වා ඇති එක්තරා දුරකට අහිංසක කඳවුරකටයි. ඔවුනට ඇත්තේ අධ්‍යාපන අහේනියෙන් ගොඩ ඒමෙ අරමුණක් විය හැකියි.

කෙටි කාලීනව මුදල් උපයා කෝටිපතියන් බවට පත් ව්‍යාපාරිකයන් සහ වෙනත් අප්‍රකට ක්‍රම වලින් මුදල් උපයා ගත් පිරිස් වල පවුල් වල අය සහ මෙම ක්රමයේ බල කණුබවට පත්ව ඇති අමානුෂික දේශපාලකයන් සහ ඔවුන්ගේ සුපිරි ජීවන ක්‍රම විසින් ඉල්ලා සිටින අය සෘජුවම එම කොටස්කරුවන් බව හොඳින් විමර්ෂණය කළ විට පෙනී යනු නොඅනුමානය. මෙවුන්ට රටෙ බහුතරය ගැන හෝ නිර්ධන පංතිය ගැන හෝ අබමල් රෙණුවක සංවෙදීකමක් නැත.

සම්පත් විෂම ලෙස බෙදීයාමෙ සනාතනික අසාධාරණය දැක ඒ ඉදිරියේ ආත්ම වංචාවෙන් අන්ධ ලෙස ආත්මාර්ථය උදෙසා ජීවත් වන්නන් ලෙස විලි ලැජ්ජාවක් නැතිව සමාජයේ හැසිරීමට හෝ කිසිදු චකිතයක් නැත්තන්ය. ඒ සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් හෝ ප්රගතිශීලි වැඩපිලිවෙලක් ගැන හෝ ඔවුනට දශමයක අවශ්‍යතාවක් නැති ය.

අනෙකා හැඳි ගෑවිලා ගියත් තමන් ගොඩ නම් මෙ අයට හොඳටෝම ප්රමාණවත්ය. වෙන කිසිම චින්තනයක් මෙ අයට නැත. එහෙයින් ඔවුන් පුවිවි වෙනුවෙන් දැවැන්ත ලෙස පෙනී සිටිති.

ඔව් මෙ වගේ තැනක කීප දෙනෙක් එරෙහි වුව ද මඩ ගැසුව ද විය යුතු නිවැරදි දෙයක් වෙනුවෙන් තනිවම හෝ හඩක් නැගීමට ඉදිරිපත් වීමත් ඒ අදීනකමටත් මාගේ ගෞරවය ද ඔබට පුදමින් මෙ අරභයා තව දුරටත් අදහස් දැක්වීම මම ද නවතා දමමි.

සිංහල බ්ලොග් එකක කතා කළ පමණින් එලියේ සිදුවන තිරශ්චීන සමාජ යාන්ත්‍රණය වෙනස් වෙ යැයි ඔබ ද මම ද එමෙන්ම අනිත් අය ද විශ්වාස නොකරන බැවින් මෙබඳු අවස්ථාවක කළ හැකි වඩාත් නිවැරදි ම දෙය ඔබ ද තෝරා ගෙන ඇති බව පැහැදිලිය.

එදිනෙදා කාපු බීපු පිළිවෙල, කෙල්ලයි කොල්ලයි තරහ වුන හැටි,පය ලිස්සල වැටුන හැටි, වාතය පිට වුන හැටි සහ තම තමන්ගේ දුගඳ හමන අධ්‍යාත්මය වසා ගන්නා වැදි බණ දේශනා සළුපිලි ගොතන , යනා දී එකී නොකී වැල්වටාරම් පඩ ෂෝ කතා ලියන අපේ සිංහල බ්ලොග් කලාව හරවත් දෙයක් කතා කරන, ලියන තැනක් වෙලා දකින්නට,සාහිත්‍යමය කතිකාවන් ගොඩ නගන , මිනිසුන් නැවත ගොඩනගන දේශපාලනයක් වෙනුවෙන් පෙනී ඉන්න, ඒ සඳහා අපරිමිත කැපකිරීම් කරන පිරිස් බෝ කරන තැනක් වනු දකින්නට අපට ආත්ම කීයක් යළි උපදින්නට වන්නේ දැයි දන්නේ උඩ ඉන්නවා යැයි කියන දෙවියන් පමණි.

4/14/2009 11:02 PMඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-13840669792737987352009-04-14T23:02:00.000+04:002009-04-14T23:02:00.000+04:00This comment has been removed by the author.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-89276063101248138072009-04-14T22:47:00.000+04:002009-04-14T22:47:00.000+04:00ඩෝසන් අයියා අතින් තවත් ලස්සන කවි වැඩි වැඩියෙන් ලිය...ඩෝසන් අයියා අතින් තවත් ලස්සන කවි වැඩි වැඩියෙන් ලියැවෙන සුභ නව වසරක් වේවා!!!උන්මත්තකhttps://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-28969383635122002032009-04-14T18:04:00.000+04:002009-04-14T18:04:00.000+04:00ඒත් මිශ්‍ර අධ්‍යාපන ක්‍රමයක් හා දැනට පවතින නොවැදගත...ඒත් මිශ්‍ර අධ්‍යාපන ක්‍රමයක් හා දැනට පවතින නොවැදගත් දේශපාලන තත්වයක් යටතේ රා.වි.වි. වල පැවැත්ම තහවුරු කරන්න පුලුවන් ද? මෙතනදි කියන්න පුලුවන් රා.වි.වි වලට ලබා දෙන්න පුලුවන් තරඟය මත එය තීරණය වේවි කියලා. ඒත් අපට පෙන්නලා දීලා තියෙන මේ "තරඟකාරී" රටාවේ එහෙම සාධාරණත්වයක් නෑ කියලා ඔබත් මමත් දන්නවා.

එහෙම සාධාරණ තරඟයක් තියෙනවනම් පු.වි.වි. ආරම්භ කිරීම ගැන මම ඉහලින් සතුටු වෙනවා.

මේ ගැන මෙතෙක් පැවති සංවාද වලදි ඉස්මතු වෙච්ච මතවාද අතරින් හොඳ මතවාදයක් ඔබ ඉදිරිපත් කරලා තියෙනවා. කිහිප දෙනෙක් ගේ මතවාද හැර අනෙක් ඒවා මඩ වලට සීමා වෙච්ච නිසා මේ ගැන තව දුරටත් මම කතා කරන්නේ නෑ. මගේ ප්‍රකාශ කරලා තියෙන මතය වෙනස් කරන්න මම ඕනම වෙලාවක සූදානම්. ඒත් එහෙම වෙනස් කරන්න තරම් මට තාම මේ සිද්ධවෙන කරුණුකාරණා convince වෙලා නෑ.

ඩෝසන් අයියා පුලුවන්නම් Sicko හොයාගෙන බලන්න. documentary එකක්.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-71763355431077461692009-04-14T14:16:00.000+04:002009-04-14T14:16:00.000+04:00පිටස්තර මල්ලි
[සංවාදය දැක්කා පු වි වි ගැන. එතන ක...පිටස්තර මල්ලි

[සංවාදය දැක්කා පු වි වි ගැන. එතන කමෙන්ට් එක දාන්න බැරි වුනා, ඒ හින්දා මෙතනම දමන්න හිතුවා.]

මෙ සංවාදය අදයි මම දැක්කේ. සංවාදයක් ඇති විය යුතු මාතෘකාවක් නමුත් මම දන්නා පරිදි මෙ බ්ලොග් අවකාෂයේ ඉන්න තරමක් ඉන්නේ පෙෘද්ගලික ආයතන වලින් විවිධ අධ්‍යාපන සුදුසුකම් උපය ගත් අය සහ තවත් ඉහලට ඉගෙන ගැනීමට උනන්දුව ඇති අයයි. ඒ අය සමහර විට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට විවිධ පදනමින් නොතේරීම නිසා විකල්ප සොයමින් ඉන්න අයයි. ඒ අය අවිධිමත් අධ්‍යාපන අවස්ථා රට තුල ගොඩනැගීමට පක්ෂ වන්නට ඇති ප්‍රබල හේතුවක් විය හැක්කේ දැනට ඒ අය කරගෙන යන රැකියාවල නිරත වන අතරම සිය කුසලතා ඉහලට ගත හැකි පෙෘද්ගලික විශ්ව විද්‍යාල හෝ එබඳු පිළිගැනීමක් ඇති ආයතන එලියේ නිර්මාණය වී තමන් ගේ අධ්‍යාපනික අවශ්‍යතා පිරිමසා ගැනීමයි. මෙයද වරදක් නොවන ආකල්පයකි. එමෙන්ම විවෘත විවි පවා පිහිටුවා ඇත්තේ උක්ත පදනමින්. එනමුදු අප සුලබව දන්නා කාරණය නම් කලාව සාහිත්‍ය අධ්‍යාපනය වැනි මිනිස් සංස්කෘතියේ වඩාත් දිදුලන අගයන් වානිජකරණය වීමෙ අනිටු ප්‍රතිඵලත් එමගින් රටක පවතින විනාෂකාරී ආර්ථිකයට ගැලපෙන වෘතිකයන් නිර්මාණය කර ගැනීමෙ වංචනික ව්‍යායාමයත් ය.

තරගකාරි විභාගයකින් රාවිවි වලට තෝරා ගන්නා තෘතීයික අධ්‍යාපන බලකාය අවශෝෂණය කරගැනුමට ප්‍රමාණවත් තරම් විශ්ව විද්‍යාල වල පරිමාව නොගැලපීමෙන් විශාල සිසුන් පිරිසක් එම අවස්ථාව ගිලිහී යාමට විසඳුම පුවිවි නොවෙ.

කළ යුතු වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල සංවර්ධනය කිරීමයි. පහසුකම් වැඩි කිරීමයි. එනමුදු මෙය කීප අතකින්ම යල් පැන ගිය අදහසක් ලෙස බොහෝ අය උපහාසයට ලක් කරන්නේ රාජ්‍ය නමැති ආයතනය අන්තිම දුර්වල ආර්ථික විභවයක පවතින සත්‍යය නිසා ය. රාජ්‍ය නමැති ආයතනය ඉතාම ප්‍රභල නම් මෙ රාවිවි සංවර්ධනය කරන්නට පමණක් නොව උසස් පෙළ මහා තරගකාරී විභාගය ලිහිල් කර උසස් අධ්‍යාපනය ලැබීමට කැමති සියල්ලන් වෙත එය නිදහසේ ලබා ගන්නට වුව ද සැලැස්විය හැකිය. එය මනෝ විකාරයක් වන්නේ මෙ පවතින අදේශපාලනික වූ රාජ්‍ය තන්ත්රය එතැනට වර්ධනය කළ පවතින ජඩ ක්‍රමය නිසායි.

මෙනයින් මගේ අදහස මිශ්‍ර අධ්‍යාපන ප්‍රතිපත්තික් ක්‍රියාත්මක කර අධ්‍යාපනය ලැබීමෙ අයිතිය තහවුරු කිරීම වඩාත් උචිත බවයි.

රාජ්‍ය මැදිහත් වීමකින් ගොඩනැගෙන පෙෘද්ගලික විවි එයට විසඳුමක් විය හැකි බව පවතින යථාව තුල මට එකග විය හැකි විසඳුමයි.

ලාභ ලැබීම අරමුණු කරගත් අධ්‍යාපන පාඨමාලා සහ ආයතන වලින් ලොවට රටට යහපතක් නොවනු ඇති වග මගේ විශ්වාසය යි.ඩෝසන්https://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-89660299912318358702009-04-14T10:26:00.000+04:002009-04-14T10:26:00.000+04:00සුභ නව වසරක් වේවා ඔබට.
මේ වසරේත් හිත ඔල්මාද කරන ...සුභ නව වසරක් වේවා ඔබට.

මේ වසරේත් හිත ඔල්මාද කරන කවි තව තවත් ලියැවේවා. පුලුවන් තරම් තේරුම් ගන්න බලන්නම්පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-46815955324695231372009-04-14T10:03:00.000+04:002009-04-14T10:03:00.000+04:00ඔබටත් ඒසේම වන ලෙසැයි මම ලොවටම පතමි.ඔබටත් ඒසේම වන ලෙසැයි මම ලොවටම පතමි.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-47696033245086742722009-04-14T08:43:00.000+04:002009-04-14T08:43:00.000+04:00ඔබට සුභ නව වසරක් වේවා කියා මම මටම ප්‍රාර්ථ්නා කර ග...ඔබට සුභ නව වසරක් වේවා කියා මම මටම ප්‍රාර්ථ්නා කර ගත්තෙමි!Anonymousnoreply@blogger.com