tag:blogger.com,1999:blog-7379022571626077035.post1838894280894232024..comments2023-09-19T18:31:56.993+04:00Comments on වචන ටැක්සි: බුදු දහමේ ඉගැන්වෙන ප්රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්රහයක්ඩෝසන්http://www.blogger.com/profile/01100290832662691886noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7379022571626077035.post-16892768083330865932015-05-09T10:55:16.585+04:002015-05-09T10:55:16.585+04:00ඔබගේ ලිපිය පිලිභ්ද මා සතුටු වෙන්ව.එහෙත් යම් යම් කා...ඔබගේ ලිපිය පිලිභ්ද මා සතුටු වෙන්ව.එහෙත් යම් යම් කාරනා පිළිබද ගැටළු තිබේ.මම කැමති ඔබත් සමග සාකච්චා කිරීමට ....Koojananoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-6318626886805025622012-04-13T17:38:40.972+04:002012-04-13T17:38:40.972+04:00ඔබේ ලිපිය ඉතා වෙහෙසකර ව්‍යායාමයක ප්‍රතිඵලයක් බව පෙ...ඔබේ ලිපිය ඉතා වෙහෙසකර ව්‍යායාමයක ප්‍රතිඵලයක් බව පෙනෙන අතර එය අගය කරමි. එතුල වූ ඇතැම් කරුනු ගැන මා තුල ප්‍රශ්න කීපයක් පැන නැගුනත්, ඒවා මෙතෙක් ගොනු කර ගත නොහැකි විය. මේ ප්‍රතිචාරය ඔබේ ඉහත පිලිතුර සම්බන්ධවයි.

//2 බටහිර විද්‍යාවට විඥානය පිළිබඳව පමණක් නොව ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය හෝ ලක්ෂ්‍යය රේඛාව වැනි දේ ගැන ද පැහැදිලි අර්ථකථන නැත.//

මෙය (බටහිර විද්‍යාවට ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය හෝ ලක්ෂ්‍යය රේඛාව වැනි දේ ගැන පැහැදිලි අර්ථකථන නැත) තරමක සාහසික ප්‍රකාශයක් ලෙසයි මට නම් පෙනෙන්නේ. අර්ථකථන තිබුනත් ඒවා අපට අවශ්‍ය තරමට (සහ ඕනෑම සන්දර්භයක යෙදිය හැකි තරමට ) පැහැදිලි නැති බවද ඔබ අදහස් කලේ?

මෙම ප්‍රකාශය කිරීමට යොදාගන්නා මූලාශ්‍ර මොනවාදැයි දැනගැනීමට හැකිද? මෙය බටහිර විද්‍යා ක්ශේත්‍රයේ ස්ථාපිත කරුනක් (established fact) නම් මගේ නොදැනීම ගැන සමාවන්න.

මගේ දැනීමේ හැටියට නම්, "බටහිර විද්‍යාවට විඥානය ගැන පමනක් නොව කර්මය, පරචිත්ත විජානනය, අති-ඉන්ද්රිය සංජානනය ගැන පමනක් නොව සදෙව් ලොව, ජ්‍යෝතිශය, හූනු ශාස්ත්‍රය වැනි දේ ගැන ද අර්ථකථන හෝ පැහැදිලි කිරීම් නැත!!"

- බුද්ධිකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-50290060197327224152012-03-26T04:47:01.879+04:002012-03-26T04:47:01.879+04:00@Dharshana Kasthurirathna
3. අනිත් ප්රශ්නය නම් ම...@Dharshana Kasthurirathna

3. අනිත් ප්රශ්නය නම් මේ ඊනියා ‘භෞතික විග්‍රහය‘ කොතරම් භෞතික වන්නේද යන්නයි. බහුමාන පිළිබද අදහස හුදෙක් සංකල්පීය (මනසෙන් මවා ගත්) දැයක් මිස ඉන්ද්රිය ගෝචර නොවේ. එය ඉන්ද්රිය ගෝචර කර ගන්නා මාර්ගයක්ද පෙනෙන්නට නැත. බුදු දහමේ ඉගැන්වෙන ඥාණ ලබා ගැනීමට අඩුම තරමින් මාර්ගයක් හෝ ඇත. එනයින් බැලු කල බුදු දහමේ ඉගැන්වෙන ලෝක ගූඨ දෑ නොව මිනිසෙකුට ජීවිතය තුළ ප්රත්යක්ෂ කර ගත හැකි දේවල් වෙයි. ඊට අවශ්‍ය කැපකිරීම සිදු කිරීමට මිනිස්සු සුදානම් නැති වීම වෙනම කතාවකි. ඉන්ද්රිය ගෝචර නොවන බැවින් බහු මාන නම් ගූඨ සංකල්පයක් වෙයි.

3 මේ ලිපිය මා ලියා ඇත්තේම ඔබ කියනා අයුරින්ම එය ඊනියා භෞතික විග්‍රහයක් ය යන්න ඉස්මතු වන ආකාරයටය. මා මේ ලිපියේ කොහේවත් මා මේ ලියනා දෙය අතිශය සාර්ථක සම්මුති දැනුමකියි යන්න හුවා දක්වා නැත. එසේ දැක්විය නොහැකි බැව් පමණක් සඳහන් කර ඇත. එය කිසියම් ආකාරයක මනස දියුණු කර නොගත් පෘථග්ජනයකුගේ මනසේ සීමාව හේතුවෙන් හුවා දක්වන්නට යෙදුනු සැසඳීමක් බැව් සෘජුව ප්‍රකාශ කොට ඇත. අනෙක් අතට ඉන්ද්රිය ගෝචර නොවන විද්‍යුත් චුම්බක තරංග-විකිරණශීලිතාවය-ගුරුත්වාකර්ෂනය-ඉලෙක්ට්‍රෝනය-ප්‍රෝටෝනය ද ගූඨ සංකල්පයන් ලෙස බැහැර කළ යුතු වගක් ඔබගේ පැහැදිලි කිරීම්වලින් ගම්‍ය වේ. අපට පසිඳුරන්ගෙන් ප්රත්යක්ෂ වන දේවල් පමණක් ගූඨ නොවන්නේ යැයි කීමට ඔබට ඇති හදිසිය කිමැයි මට නොවැටහේ. විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණියේ ඇසට ගෝචර වන්නේ දෘශ්‍ය වර්ණාවලිය පමණකි. එනයින් අනෙකුත් විද්‍යුත් චුම්බක තරංගවලින් අපට ප්‍ර යෝජන ගත නොහැකි ද? මා මෙම ලිපියෙන් ප්‍රවේශයක් ලබා ගන්නේ බටහිර භෞතික විද්‍යාව පට්ට ගසා ඇති බහු අවකාශීය මානවල පැවැත්මක් ගැන ද නොවේ.

4. අවකාශ කාල බහුමාන ක්‍රමවේදයකින් එක් එක් ලෝකවල පවත්නා දුක් සැපවල වෙනස පැහැදිලි කර ගත හැක්කේ කෙසේද? ඒ ඒ ලෝකවලින් චුතව අන් ඒවායේ ඉපදීම පැහැදිලි කර ගත හැක්කේ කෙසේද? මීට වඩා දහස් ගුණයක් සංගත නැද්ද පටිච්ච සමුප්පාදය ඇසුරින් දැනට පිළිගැනෙන ක්‍රමවේදය? මට නම් පේන්නේ මෙවැනි ව්‍යායාම වලින් වන්නේ අන්තෝ ජටා බහි ජටා කියන එක තවත් තහවුරු වෙන එකයි. ඔක්කොම පැටලෙනවා. ඒ ඒ දැනුම පද්ධති වන ක්වොන්ටම් භෞතිකය හෝ බුදු දහම ගොඩ නැගිලා තිබෙන්නේ යම් මූලික රාමුවක් තුළයි. ඒවා එහෙන් මෙහෙන් පුරුද්දන්ට යාමෙන් වන්නේ දෙකම අවුල් වෙන එකයි කියලා මමනම් හිතන්නේ.

4 භෞතික විද්‍යාව රඳා පවතින්නේ කිසියම් රාශි පද්ධතියකට සාපේක්ෂව මිනුම් කළ හැකි සංකල්ප ඔස්සේය. දුක සැප යනාදිය කිසියම් රාශි පද්ධතියකට සාපේක්ෂව මිනුම් කළ හැකි දිනයක භෞතික විද්‍යාවක් ඒ අරභයා ගොඩනැගෙනු ඇති අතර එවැනි සම්මුති දැනුමක් නිර්මානය වූ කලෙක එක් එක් ප්රතිසන්ධි තල තුළ උපදින සත්ව ශරීර අත්විඳින දුක සැප පිළිබඳ භෞතික ගතිගුණ සාකච්ඡා කළ හැකි වනු ඇත. එමෙන්ම සත්වයාගේ මරණය හා මරණින් මතු ලක්ෂණ මිනුම් කළ හැකි භෞතිකාර්ථ බවට හැරුණු දිනයක කලින් දක්වා ඇති ආකාරයටම ඒ ගැනද සාකච්ඡා කළ හැකි වනු ඇත. මිනුමක් කළ නොහැකි කිසිවක් ගැන භෞතික විද්‍යාවට සම්මුති සත්‍යයන් හෝ දැනුමක් නිපදවිය නොහැකිය.

බුදු දහමේ අන්තර්ගත සර්වඥ දැනුම අපගේ පෘතග්ජන මනසින් වටහා ගන්නට සම්මුති දැනුම උපකරණයක් කර ගැනීමේ කිසිදු වරදක් මට නොපෙනේ. වරද වන්නේ බුදු දහම වැනි සර්වඥයෙකු දෙසූ දැනුමක් හුදු භෞතික විද්‍යාත්මක සම්මුති දැනුමට සාපේක්ෂව නිර්ණය කරන්නට හෝ විනිශ්චය කරන්නට යෑමෙනි. එය විහිලුවකි. මා එවැන්නක් මේ ලිපියේ කරන්නට උත්සහ දරා නොමැත. මාගේ ව්‍යායාමය තන්තු සිද්ධාන්තය වඩාත් සංවර්ධනය කිරීමට කාලයේ බහුමානත්වය නම් වූ බටහිර භෞතිකයට ආගන්තුක සංකල්පය වඩාත් ප්‍රායෝගික තලයකට ගෙන ඒමට සුදුසු ගණිතයක් නිර්මානය කළ හැකිදැයි පරීක්ෂාවට ලක් කිරීමයි. එය මෙබඳු කෙටි ලිපියකින් එලිදැක්විය හැකි දෙයක් නොවන අතර ජීවිත කාලයක කැප කිරීම් ඇවැසි වන පෘථුල කටයුත්තක් බැව් ද මට වැටහේ. මේ ලිපියේ අධ්‍යාශය කාලය බහුමානික විය හැකියැයි මා සිතට ඇති වූ සංකල්පනය රෝපණය වන්නට හේතු සාධක වූ ප්රතිසන්ධි තල පිළිබඳ මාගේ කියැවීම ප්‍රකාශයට පත්කිරීමයි. එය සම්පූර්ණයෙන්ම වැරදි කියැවීමක් වුව ද විය හැකිය. එනමුත් කාලයේ බහුමානත්වය ක්වොන්ටම් යාන්ත්රිකයේ සහ සාපේක්ෂතාවාදයේ ගණිතමය ආකෘති තුළට රිංගවා බැලීමේ කුතුහලයෙන් මා තවම මිදී නොමැත.

මාගේ ලිපිය කියවා මේ අයුරින් තම අදහස් දැක්වීම පිළිබඳ මාගේ කෘතඥතාවය ඔබට හිමි වේ. ස්තුතියි.DawsonPhttps://www.blogger.com/profile/09490896121173115657noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-6823083801130962492012-03-26T04:46:11.568+04:002012-03-26T04:46:11.568+04:00@Dharshana Kasthurirathna
1. බුදු දහමේ සහ භෞතික ව...@Dharshana Kasthurirathna

1. බුදු දහමේ සහ භෞතික විද්‍යාවේ කාලය අර්ථ දැක්වෙන්නේ එකම ආකාරයට නොවේ භෞතික විද්‍යාවේ කාලය පිළිබද ප්‍රධාන මතය වන්නේ එය apriori - ප්රාග් අනුභූතික දෙයක් බවයි. අවකාශයත් එහෙමයි. අවකාශ කාලයත් එහෙමයි. නමුත් බුදු දහමේ කාලය ප්‍රඥප්තියකි. අප විසින් පනවාගන්නා දෙයකි. එවිට කාලය භූතාර්තයක් ලෙස ගෙන කරන පැහැදිලි කිරීම් බුදු දහමට කොපමණ වලංගු වන්නේද යන්න ප්රශ්නයකි. විශේෂයෙන්ම කාලයේ ආරම්භයක් ගැන දැක්වෙන අදහස බුදු දහමට පටහැනිය. බුදු දහමට අනුව සංසාරයේ අගක් මුලක් නැත.

1 එකිනෙකට වෙනස් සන්දර්භ තුළ කාලය හෝ වෙනත් කිසියම් සංකල්පයක් හෝ රාශියක් අනෙකුත් රාශි සමග හෝ සංකල්ප සමග අර්ථ දැක්වීම එකම ආකාරයකට විය යුතු යැයි නියමයක් නැත. ආර්ථික සහ ව්‍යාපෘතිමය සන්දර්භය තුළ කාලය යනු මුදල්ය යනාදී වශයෙන් ගැනීම සමහරවිට උදාහරණයකට ගත හැකිය. කාලය ප්රාග් අනුභූතිකය යන්න භෞතික විද්‍යාව පිළිගත් ආස්ථානයකට වඩා එය අයත් වන්නේ කාන්ටියානු දාර්ශනික අදහසක් වශයෙනි. අනෙක් අතට සියවස් දෙක තුනකට පෙර බටහිර චින්තකයන් විසින් කාලය සහ අවකාශය පිළිබඳ මතු කළ දාර්ශනික අදහස් නැවත වරක් සොයාගැනීමේ අවශ්‍යතාවයක් ද මේ ලිපියේ අරමුණු අතර නොමැත. නිව්ටෝනියානු යාන්ත්‍රිකය ප්‍රවර්ධනයට හේතු වූ කාලය සහ අවකාශය පිළිබඳ දාර්ශනික අදහස් කාන්ටියානු ඥාන විභාගාත්මක දර්ශනයේ හමු වෙයි. අනෙක් අතට සම්මුති ලෝකයේ සියළු දැනුම අප විසින් පනවා ගන්නා ප්රඥප්ති මාත්‍ර පමණක් බැව් වටහා ගත යුත්තේය. බුදු දහමේ කාලය පමණක් ප්රඥප්තියක් වන්නේ නැත. එනයින් බුදු දහමට වලංගු නොවන බොහෝ දෑ මෙබඳු සම්මුති දැනුම නිර්මානයේ දී පහළ වීම ඒවායේ ප්‍රායෝගික භාවිතයන්ට අභියෝග නොවෙයි. බුදු දහමට අනුව සංකල්පයක් නොවන්නේ නිර්වානය පමණි.

2. මෙතනදී විඥාණය ගැන සදහනක් වෙනවා. නමුත් විඥාණය ගැන මා දන්නා තරමින් බටහිර විද්‍යාවේ පැහැදිලි අර්ථකථනයක් නැහැ. විඥාණය සහ භෞතිකය අතර සම්බන්ධය වන්නේ කෙසේද යන්න පැහැදිලි නැහැ. බුදු දහමේනම් එවැනි සම්බන්ධයක් පටිච්ච සමුප්පාදයේ තිබෙනවා. එමගින් හොද පැහැදිලි කිරිමක් කර ඇති බැවින් විඥාණය ක්වොන්ටම් භෞතිකය සමග පටලැවීමේ අවශ්‍යතාවය කුමක්ද?

2 බටහිර විද්‍යාවට විඥානය පිළිබඳව පමණක් නොව ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය හෝ ලක්ෂ්‍යය රේඛාව වැනි දේ ගැන ද පැහැදිලි අර්ථකථන නැත. එනමුත් සම්මුතික වශයෙන් එකඟ වන කිසියම් සන්නිකර්ශනමය අවබෝධයන් ඇත. ඒවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් උදෙසා මවා ගත් භෞතිකයන් ය. පදාර්ථය එහි උපරිම යහපත් ආකාරයෙන් සකස් වූ විට විඥානය උපදින බවත් විඥානය සිය අවම යහපත් ආකාරයට සකස් වීම තුළින් පදාර්ථ උපදින බවත් යන්න මා කියවා ඇත්තේ ස්ලාවෝ ජිජැක්ගේ දේශනයකිනි. එය වඩාත් චමත්කාරජනක සම්මුතියකි. ක්වොන්ටම් භෞතිකය සමග විඥානය පටලවන්නේ මා නොවේ. එය මට පෙර බොහෝ අය කර ඇති අතර කරමින් ද සිටී. කෙසේ වෙතත් විඥානය හෝ වෙනයම් දෙයක් ක්වොන්ටම් භෞතිකය සමග පටලවන්නට නොහැක්කේ මන්දැයි යන්න මට වටහා ගත නොහැකිය. එබන්දක් කිරීමට කාගෙන් හෝ අවසර ගත යුත්තේදැයි මට නොවැටහේ. විඥානය යනු අපගේ දෙයකැයි කියමින් එයට අත නොතබන ලෙස කියමින් සිටිනා කිසියම් කල්ලියක් සිටී දැයි අසනු කැමැත්තෙමි.DawsonPhttps://www.blogger.com/profile/09490896121173115657noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-87392403028319363062012-03-25T17:28:17.735+04:002012-03-25T17:28:17.735+04:00ප්‍රශ්න කීපයක් තිබෙනවා මේ විග්රහයේ
1. බුදු දහමේ ...ප්‍රශ්න කීපයක් තිබෙනවා මේ විග්රහයේ

1. බුදු දහමේ සහ භෞතික විද්‍යාවේ කාලය අර්ථ දැක්වෙන්නේ එකම ආකාරයට නොවේ භෞතික විද්‍යාවේ කාලය පිළිබද ප්‍රධාන මතය වන්නේ එය apriori - ප්රාග් අනුභූතික දෙයක් බවයි. අවකාශයත් එහෙමයි. අවකාශ කාලයත් එහෙමයි. නමුත් බුදු දහමේ කාලය ප්‍රඥප්තියකි. අප විසින් පනවාගන්නා දෙයකි. එවිට කාලය භූතාර්තයක් ලෙස ගෙන කරන පැහැදිලි කිරීම් බුදු දහමට කොපමණ වලංගු වන්නේද යන්න ප්රශ්නයකි. විශේෂයෙන්ම කාලයේ ආරම්භයක් ගැන දැක්වෙන අදහස බුදු දහමට පටහැනිය. බුදු දහමට අනුව සංසාරයේ අගක් මුලක් නැත.

2. මෙතනදී විඥාණය ගැන සදහනක් වෙනවා. නමුත් විඥාණය ගැන මා දන්නා තරමින් බටහිර විද්‍යාවේ පැහැදිලි අර්ථකථනයක් නැහැ. විඥාණය සහ භෞතිකය අතර සම්බන්ධය වන්නේ කෙසේද යන්න පැහැදිලි නැහැ. බුදු දහමේනම් එවැනි සම්බන්ධයක් පටිච්ච සමුප්පාදයේ තිබෙනවා. එමගින් හොද පැහැදිලි කිරිමක් කර ඇති බැවින් විඥාණය ක්වොන්ටම් භෞතිකය සමග පටලැවීමේ අවශ්‍යතාවය කුමක්ද?

3. අනිත් ප්රශ්නය නම් මේ ඊනියා ‘භෞතික විග්‍රහය‘ කොතරම් භෞතික වන්නේද යන්නයි. බහුමාන පිළිබද අදහස හුදෙක් සංකල්පීය (මනසෙන් මවා ගත්) දැයක් මිස ඉන්ද්රිය ගෝචර නොවේ. එය ඉන්ද්රිය ගෝචර කර ගන්නා මාර්ගයක්ද පෙනෙන්නට නැත. බුදු දහමේ ඉගැන්වෙන ඥාණ ලබා ගැනීමට අඩුම තරමින් මාර්ගයක් හෝ ඇත. එනයින් බැලු කල බුදු දහමේ ඉගැන්වෙන ලෝක ගූඨ දෑ නොව මිනිසෙකුට ජීවිතය තුළ ප්රත්යක්ෂ කර ගත හැකි දේවල් වෙයි. ඊට අවශ්‍ය කැපකිරීම සිදු කිරීමට මිනිස්සු සුදානම් නැති වීම වෙනම කතාවකි. ඉන්ද්රිය ගෝචර නොවන බැවින් බහු මාන නම් ගූඨ සංකල්පයක් වෙයි.

4. අවකාශ කාල බහුමාන ක්‍රමවේදයකින් එක් එක් ලෝකවල පවත්නා දුක් සැපවල වෙනස පැහැදිලි කර ගත හැක්කේ කෙසේද? ඒ ඒ ලෝකවලින් චුතව අන් ඒවායේ ඉපදීම පැහැදිලි කර ගත හැක්කේ කෙසේද? මීට වඩා දහස් ගුණයක් සංගත නැද්ද පටිච්ච සමුප්පාදය ඇසුරින් දැනට පිළිගැනෙන ක්‍රමවේදය? මට නම් පේන්නේ මෙවැනි ව්‍යායාම වලින් වන්නේ අන්තෝ ජටා බහි ජටා කියන එක තවත් තහවුරු වෙන එකයි. ඔක්කොම පැටලෙනවා. ඒ ඒ දැනුම පද්ධති වන ක්වොන්ටම් භෞතිකය හෝ බුදු දහම ගොඩ නැගිලා තිබෙන්නේ යම් මූලික රාමුවක් තුළයි. ඒවා එහෙන් මෙහෙන් පුරුද්දන්ට යාමෙන් වන්නේ දෙකම අවුල් වෙන එකයි කියලා මමනම් හිතන්නේ. දර්ශන කස්තුරිරත්නhttps://www.blogger.com/profile/05910990052972871242noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-11054493856240847382012-03-19T10:19:41.905+04:002012-03-19T10:19:41.905+04:00@උදිත
yes sir, thank you very much for your comme...@උදිත

yes sir, thank you very much for your comment.

dawsonDawsonPhttps://www.blogger.com/profile/09490896121173115657noreply@blogger.comtag:blogger.com,1999:blog-7379022571626077035.post-73332438015771167392012-03-19T07:24:51.878+04:002012-03-19T07:24:51.878+04:00I think We humans are simply not capable of sensin...I think We humans are simply not capable of sensing explain or understand these other dimensions and only we can sens time as being always linear. you are wasting your timeudithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.com